Is That True💞

119 16 37
                                    

---Time Passed---

Yeon Soo Pov

යුනිවර්සිටි එක නම් දැන් ගොඩක් ජොලි. චයින ඉන්න කාලෙදි නම් ගොඩක් යාළුවො හිටියෙ නැති උනත් දැන්නම් ඉන්නවා ඒකටත් හරියන්න යාළුවො ටිකක්. ටිකක් බයෙන් මුල් දවස් වල යුනිවර්සිටි ගියත් ජූනී වගේම අනිත් යාළුවො ටිකත් හම්බුන නිසා දැන් මං ආසාවෙන් යනවා. හිතුවටත් වඩා ජූනි වගේම ටේ, ජන්කුක්, ජිමින් එක්කත් මං එකතුවෙලා දන්නෙම නැතුව ඉතින්..

Tae : නූනා.. කොහෙද යන්නෙ අප්පා...

Yeon : ලයිබ්රි.. ජූනිත් යන නිසා මාත් යනවා

Jungkook : අපෝ... මේ ඩබල පොත් ගුල්ලොද කොහෙද...

Tae : අයියෝ හ්යොන්.. ඔයා කිව්වෙ අද ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න යනවා කියලා..

Namjoon : ආ ඒ හවසටනෙ ටේයුන්ග්හා.... දැන් යන් එහෙනම් ඔක්කොම ලයිබ්රි. මොකො කියන්නෙ.

Jimin : ආ..පෝ... හ්යුන් නූනා එක්ක ගිහින් එන්නකො... අපි ඉන්නම්..

Yeon : ඔව්. ඔයාලත් එන්න යන්..

.Jungkook : නූනා ගිහින් එන්නකො.. අපිට මේ කොටා එක්ක පොඩි වැඩක් තියෙනවා..

Tae : ආ.. ඔව් ඔව්..

ලයිබ්රි කිව්වොත් ඇති ඉතින් මේ සෙට් එකට බොරු කියන්න.. එයාලට ඉන්න කියලා ජූනි එක්ක කතා උනෙ ලයිබ්රි එකට යන්න. ජූනි එක්ක ලයිබ්රි ගියා කියන්නෙ එයා ගන්න පොත් කියවලා ඉවර කරනකන් ඉදලා එන්න වෙනවා...

Yeon : අපි යනො...

.Tae : හූම්.. හුම්..

අනිත් ලමයි හූල්ල හූල්ල බලන් ඉන්න නිසාමයි ටේයුන්ග් ලා එක්ක වැඩිපුර කතා කරන්න ගියෙ. ජිමින්ට නම් පැණි හලන්න වෙන්නැති ලොකුම වැඩෙ. ජූනි එක්ක යන ගමන් කුටු කුටු ගගා ඉන්න කෙල්ලො ටිකට ලොකුසීන් එකක් දාලා ගියෙ ලයිබ්රි එකට... ජූනි පොත් කියවන අතරේ මාත් හොයල හොයල මට ඕන පොත් ටිකක් අරන් ඇවිල්ලා මේසෙන් වාඩි වෙලා කියවන්න ගත්තා ..දෙන්නත් එක්ක ලයිබ්රි එකෙන් එලියට එනකොට නම් හවස් වෙලා තිබ්බෙ. පොත් ටික බෑග් එකට දදා එලියට එනකොට පොඩි සෙට් එක ඇවිත් හිටියා..

Jimin : අහ්.. මේ එන්නෙ පොත්ගුල්ලො දෙන්නා..

Tae : නූනා ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න ආසද.. කලින් ගිහින් තියෙනවද?

Inconceivable LoveWhere stories live. Discover now