Unbelievable💞

57 13 10
                                    

Hae Soo Pov

අද උදේම හොස්පිටල් යන්න මොකද අද කලින් ගෙදර එන්න ඕන නිසා....ඊයේ වුන දේවල් නිසා මගේ හිත හරිම නොසන්සුන්. අද දවසේ මොනව වේවි ද කියලා හිතන ගමන් මිරර් ටේබල් එක ඉස්සරහට ඇවිත් ලෑස්ති වුණේ හොස්පිටල් යන්න.

Hae soo :යියොන්.. ඔයා මාව තේරුම් ගත්ත එක මට ලොකු සහනයක්..මං දන්නවා ඔයා මේක ගැන ඕනවටත් වඩා හිතන්නෙ මං නිසා කියලා.. සමහර විට ඔයා දැනගත්තොත් මම මේකට කැමති වෙන්නෙ ඔයා නිසා කියලා... ඔයා ඔයාට සමාව දෙක එකක් නෑ.. සමාවෙන්න මගෙ යියොන් ඒත් මට වෙන කරන්න දෙයක් නෑ...

කදුළු කැට පිරුණු ඇස් දෙකෙන් කණ්ණාඩිය බැලුවම බොදවෙලා පෙනුණෙ මගෙම මූණ.. ඇස් අග රැදුණු කදුළු බිංදුවෙ බරටම කම්මුල් දෙක දිගේ බේරෙන්න ගත්තමයි හරි සිහියට ආවෙ... ටිෂු එකකින් ඉක්මනට පිහිදලා.. බෑග් එකත් අරන් පහලට ආවත් යියොන් නම් නැගිටලා හිටියෙ නෑ..යියෝන්ටත් එක්කම බ්‍රෙක්ෆස්ට් එක හදල මමත් කාලා හොස්පිටල් එකට ආවා... හොස්පිටල් එකෙ හිටියත් දවසම හිත හිත හිටියෙ අද මොනා කරන්නද කියලා.. අඩුම තරමෙ අද එන්නෙ කවුද කියලවත් දන්නෙ නැතුව වගේම දන්නැති කෙනෙක් බදින්නනේ හදන්නෙ කියලා නිතරම හිතින් ප්‍රශ්න කර කර හිටියෙ... අද ගොඩක් ලොකු වැඩක් නොතිබ්බත්.. දවසම කල්පනා ලොවෙ වැටිලා තමා හිටියෙ.. මම ගෙදර එනකොට අප්පා කලින් ම ගෙදර ඇවිත්... අජුම්මත් ඇවිත් කෑම හදනවා වගෙ...

Appa : හෙසූ මං හිතුවෙ තව පරක්කු වෙයි කියලා..

Hae Soo : නෑ අප්පා... අද කලින්ම එන්නනෙ ගියෙ..

Appa : ආ.. හරි රූම් එකට ගිහින් රෙඩි වෙලා එන්නකො.. යියොන් නුත් ඇවිත් ඉන්නෙ...

Hae Soo : ඕකේ ... අප්පා..

දුවෙක්ගෙ හිතක් මෙච්චර කලබලෙන් තියන වෙලාවක අප්පා නම් කතා කරෙ කිසිම ගානක් නැතුව හරිම සැහැල්ලුවෙන්.. තවත් ඉන්නෙ නැතුව කෙලින්ම ආවෙ රූම් එකට... ඇද උඩ බොක්ස් එකක් තිබ්බා.. ගිහින් බැලුවම ලස්සන ෆ්රෝක් එකක්.. ඒක අප්පා එවලා තියෙන්නෙ... බෑග් එක ඇද උඩට දාලා ඇදෙන් ඉදගෙන ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා වොශ් එකක් දාන් ආවෙ ලෑස්ති වෙන්න.....

Inconceivable LoveWhere stories live. Discover now