New Journey💞

97 15 22
                                    


---------Time Passed--------

(In the Morning )

Onni: අහ් මේ කෙල්ල නම් අදවත් කලින් නැගිටින්නේ නෑ නේ...

මමත් අද උදෙන්ම නැගිටලා වැඩ පටන් ගත්තේ යියොන් ට වගේම මටත් අද වැදගත් දවසක් නිසා....යියොන්  යුනිවර්සිටි  එකට යනවා වගේම මම අද හොස්පිටල් එකේ වැඩ බාරගන්න යනවා.... අද දවසේ හැම දෙයක්ම පිලිවෙලට කරගන්න ඕනි නිසා වොෂ් එකක් දගෙන යියොන් ගේ කාමරේ පැත්තට ගියේ නැගිටලද බලන්න....

Onni: බ්ලැන්කට් එක ඔලුවේ ඉදන් පොරවගෙන හොදටනිදි...අනේ අනේ...යියොන්...නැගිටිනවා.....

Yeon: ආහ් අනේ....🥱

Onni: කෝ කෝ නැගිටින්න හොද නන්ගි වගේ...

Yeon : අනේ මට කොලේජ් යන්න බෑ අයියෝ....😫

Onni: කොලේජ් නෙවෙයි මැට්ටියේ....අද ඔයා යුනිවර්සිටි යනවා.....කොච්චර කිව්වත් නැගිටින පාටක් නැති නිසා කොට්ටයක්අරගෙන ගැහුවේ පශ්ශ රත් වෙන්න....💥

Yeon: ආව් ඔන්නි ඔහොමත් ගහනවද අනේ..... කිව්වනම් නැගිටිනවා නේ...

Onni : අනේ මන් දැන් කී සැරයක් කතා කරාද ආ කෝයන්න වොශ් රූම් එකට ගිහිල්ලා ලෑස්ති වෙන්න....😒

Yeon : ආ හරි හරි....

Hae Soo pov

මං යියොන් ව වොශ් රූම් එකට තල්ලු කරලා රූම් එකට ගියේ ඩොකියුමන්ට් ටික හරිද බලන්න....

Onni : ශා අප්පා හැමදේම ගානට ඇරෙන්ජ් කරලා...

යියොන්ව යුනිවර්සිටි එකටත් ඇතුල් කරලා....එතකොට කිම් හොස්පිටල් එකේ ඕනර් අප්පාගේ යාලුවෙක් නිසා මටත් අවුලක් වෙන එකක් නෑ... වුහු.... මට ඒක මට ලොකු සහනයක්....හැමදේම හොද විදියට වෙයි....මම හිත හිත ඩොකියුමන්ට් ටික තියලා ගියේ පහලට...

Onni: අජුම්මා අප්පා කෝ.....

Ajumma: ආ ලොකු මහත්තයා උදෙන්ම ගියා ඔෆිස් ලොකු බබා....

Onni : අහ් ඒකත් එහෙමද.... කෝ දෙන්න අජුම්මා මන් ගිහිල්ලා තියන්නම්.... මම පහලට යනකොට දැනටමත් අප්පා ඔෆිස් ගිහිල්ලා. ඒක නිසා අජුම්මට බ්‍රෙක්ෆස්ට් එක රෙඩී කරන්න උදව්කරේ යියොන් පහලට එනකම්....

Inconceivable LoveWhere stories live. Discover now