පසුවදාට අවදි වූ වහාම මොරානා මා වයස්ගත වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියේය. ඔහු මා පරික්ෂා කරමින් දිගින් දිගටම මගේ අපරික්ෂාකාරීබව ගැන බැණ වැදුනේය. මම නිහඬව ඒ සියල්ල අසා සිටියෙමි. මොරානා කිසිඳු හේතුවකින් තොරව මගේ හිසට තට්ටු කරමින් සිටියේය. මම ඔහු දෙස බලන විට ඔහුගේ මුහුණ ඇපල් ගෙඩියක් මෙන් රතු පැහැගැන්වී තිබුනි. ඔහු මා දෙස බුම්මාගත් බැල්මක් හෙළුවේය.
" මේ මනුස්සයා එක්ක නිදාගන්න එපා..." ඔහු එසේ පැවසුවේ මගේ ගෙල මත වූ සැපුම් තුවාලයේ බෙහෙත් තවරමිනි.
" අම්...මම එහෙම කරල නෑ..." මම පවසන විට ඔහු දෙනෙත් සිහින් කරගෙන මා දෙස බලා සිටියේය. මගේ මුහුණ රතු විය.
" ඩොක්ටර් මැතිව්... " මොරානා හදිසියේම කෝපයෙන් කතා කළේය. "...එහෙම දෙයක් වෙලා නෑ..."
" හරි හරි... තමුසෙගෙ වැඩ පිළිවෙල ගැන දන්න නිසා මන් කිව්වෙ...
ඔය ළමය දැන් එලියට යන්න. මම බෙහෙත් ටිකයි, විටමින් ටිකයි ඔහේගෙ මොරානට දෙන්නම්... තමන් ගැන ටිකක් වැඩිපුර අවධානෙ යොමු කරන්න..."මම වෛද්‍යවරයාට හිස නවා ස්තූති කළෙමි. ඔහු මට කබාය ඇන්දවූවේය. මොරානාගේ රියදුරා පැමිණ මට පිටතට ඇවිද යාමට උපකාර කළේය .
මගේ දෙපා වලට තවමත් තනිව ඇවිද යාමට වෙර නැත. ගිලියන්ගේ කාර්යාලයේදී මම එක දිගට වැඩ කල ආකාරය මට මතකය. නමුත් මා නිම කල එකඳු පැවරුම් ගැන හෝ මට මතක නැත. මට ඒ සියල්ල මීදුමක් අපැහැදිලිය. කුමනාකාරයේ හේතුවක් නිසාදෝ මම මොරානාගේ දෑත් අතරට වැටී තිබෙයි. පුදුමයකට මෙන් ඔහු මා හට අනවශ්‍ය බලපෑම් කිරීමට නොපැමිණියේය. ඇතැම් විට ඔහු මා රැක බලාගැනීමට හේතුව මගේ ගෙල මත ඇති තුවාලය විය යුතුය. ඒ දින කිහිපය ගැන මට තිබූ එකම මතකය ඒ තීව්ර වේදනාව පමණි. ගිලියන් මට සතියක නිවාඩුවක් අනුමත කළ බව මොරානා පැවසුවේය. මගේ ජංගම දුරකතනය දැන් සතියකට වඩා ක්‍රියා විරහිතව තිබෙනවා විය යුතුය. මගේ සියලුම ආකාරයේ බාහිර සබඳතා නතරව තිබුනි. මගේ සිතට එය එක අතකින් සහනයක් විය.
YOU ARE READING
ඔහු සහ මම (Ongoing - Non Fan Fic)
Non-Fiction" අතරමං උන මම පාර අහලා තියෙන්නෙ හිරකාරයෙක්ගෙන්..."