මම මද වේලාවක් මොරානාගේ සුන්දර තරුණ මුහුණ දෙස බලා සිටියෙමි. ඒ ඔහුගේ විසි ගණන් වල ඡායාරූප විය යුතුය. මම Boys and Kisses සාප්පුවේදී දුටු පෝස්ටරයේ ඔහු ඊට වඩා පරිණත පෙනුමෙන් යුතු වූවේය. එහෙත් ඒ සියල්ලටම වඩා ඔහු දැන් කඩවසම් බව මම සිතුවෙමි. මගේ දෑත් නොදැනීම මගේ උරහිස් වටා එතුනි.
වටපිට බැලූ මට මා කොතරම් කෙට්ටුද යන්න දුහුවිලි බැඳුණු උසැති කණ්නාඩියෙන් පෙනුනි. මට මේ ආකාරයෙන් ඇටමිඳුළු මිදෙන තරම් ශීතල දැනීම ගැන පුදුමයක් නැත.
ඉන්පසු මට යළිත් මම නොදන්නා අවකාශයක සිටින බව සිහිපත් විය.
මම නොයිවසිල්ලෙන් අසල වූ කබඩයේ අගුල කැරකුවේ ඒ තුළ පොරෝනයක් හෝ ඇතැයි සිතමිනි. එය හිස් එකක් විය. බිත්තියේ දිගටම කබඩ් විශාල ප්‍රමාණයක් සකසා තිබූ අතර මම එකින් එක ඇර බැලුවෙමි.
මට ශීතල දැනුනත් ඉහින් කණින් දහදිය වැගිරෙන බව මට වැටහුණි. හදිසියේම මෙන් එක් කබඩයක් විවර වූ අතර එහි ඇඳුම් රඳවන එල්ලා තිබුනි." ආහ්හ්හ්.....දෙවියන්ට ස්තූතියි ! "
එහි සුදෝසුදු කමිස සහ කලිසම් වලින් සමන්විත පිජාමා වැනි ඇඳුම් කට්ටල රැසක් පෙළට එල්ලා තිබූ අතර මම වහාම ඉන් එකක් ඩැහැගෙන ගත දවටා ගත්තෙමි. ඒවායෙන් දුහුවිලි සුවඳ හමමින් තිබුනත් දුහුවිලි වලින් වැසී තිබුනේ නැත.
මගේ හිස ඇතුළතින් දැවෙන්නාක් මෙනි. මම යළිත් නාන කාමරයට ගොස් දොර වසා දමා විවර කළෙමි. එහෙත් ඒ ධවල කාමරයමය....මට මගහැරුනේ කුමක්ද ?
මම මගේ අතක් කොණිත්තාගෙන මා නින්දෙන් සිහින නොදකින බව සැකහැර දැන ගත්තෙමි.
මම අද උදෑසන අවදි වූවෙමි... වෛද්‍යවරයෙකු හමුවන්නට ගියෙමි... ආලෝකමත් අවන්හලකින් උදෑසන ආහාරය ගත්තෙමි... ඒ සියල්ල මම සැබෑවටම කළෙමි... ඒ කිසිවක් සිහිනයක් නොවේ.
YOU ARE READING
ඔහු සහ මම (Ongoing - Non Fan Fic)
Non-Fiction" අතරමං උන මම පාර අහලා තියෙන්නෙ හිරකාරයෙක්ගෙන්..."