මොරානාට ඇගේ බැමි ලිහා දමන්නට ඕනෑ විය. එහෙත් ගෝලියාත් ඊට අකමැති වූවේ ඇගේ අරමුණ පැහැදිලි නොවූ බැවිනි. ඈ කවරෙක්දැයි ඔවුන් හරිහැටි දන්නේ නැත.
ඇය හඬන්නට විය.
" ...හික්...මට ඕන උනේ මගේ අයියව හම්බ වෙන්න විතරයි... එයාට මොකද උනේ ? ඔයාලා එයාට මොකද කළේ ? හික්... ඊඊඊඊඊඊ..."" ආ...එයා අඬන්නෙ කෙනත් වගේ..." මොරානා සිතුවේය.
" ඔයා මනුස්සයෙක් එක්ක පැනලා ගියා නේද ? ඔයා හොඳින්ද ?" මොරානා සෙමින් ඇසුවේය.ෆ්‍රෙයා ඔහු දෙසට හෙලාගෙන සිටියේ දවා හළු කරන ආකාරයේ බැල්මකි.
" ඔයාගෙ ඇස් පේන්නෙ නැද්ද ? මම හොඳින් කියලා ඔයාට හිතෙනවද මාව දැක්කම ? මම හොඳින් නෙමෙයි... මට මගේ අයියව හම්බ වෙන්න ඕන...මාව ලිහාපල්ලා... මට යන්ඩ දීපල්ලා..."මොරානා ඇය අසලින් දණ නවා හිඳ ගත්තේය. අනේක විධියෙන් දුර්වර්ණව සිටියත් ඈ කොතරම් ශෝභමාන තරුණියක් දැයි මොරානා රහසින් අගය කළේය. ඇගේ රන්වන් කේශර බඳු වූ කෙස් කළඹේ දැන් ඉතිරි නටඹුන් දකින විට ඔහුට හඬන්නට සිතුනි. එහෙත් ඊට වඩා ගැටළු මෙතැන තිබෙයි.
" ඔයාගෙ අයියා, ටික දවසකට නගරෙන් පිට ගිහිල්ලා ඉන්නෙ... " මොරානා සංසුන්ව පැවසුවේය. " ...ඒත් කලබල වෙන්න එපා ෆ්‍රෙයා... එයා එනකම් මම ඔයාව බලාගන්නම්..."
ෆ්‍රෙයා ඔහු දෙස බලා සිටියේ සිය නිල්වන් දෙනෙත් විශාල කරගනිමිනි.කෙනත් තමා දෙස පුදුමයෙන් බලන්නේත් මේ අයුරින් නොවේදැයි මොරානාට සිතුනි.
" ඔ...ඔයා කොහොමද මගේ නම දන්නෙ ? ඔයා මට ෆ්‍රෙයා කියල කතා කරන්නෙ කොහොමද ? "
" ආ...." මොරානා කල්පනා කළේය. "...මම ඔයාගෙ අයියගෙ බොස්... මම දන්නව කෙනත්ගෙ පවුලෙ විස්තර..."
ෆ්‍රෙයා ඔහු ව විනිශ්චය කරමින් බලා සිටියාය. ඉන්පසු හැඬුවාය.
" බලන්න... මට අයියව හම්බ වෙන්න ඕන. මම මේ එමරල්ඩ්වල එයා හැර කවුරුවත් දන්නෙ නෑ... මම අමාරුවෙන් එයාගෙ අපාට්මන්ට් එකටත් ගියේ... මට එයාට එක පාරක් කතා කරන්න ඕන... ඊට පස්සෙ මම යන්නම්..."මොරානා කල්පනා කළේය. ඇගේ තත්වය අන්තිමය. ඇය දින කිහිපයක් කුසගින්න සහ ශීතල නිසා බැට කා ඇති බව ඔහුට පෙනුනි. ඇගේ අතපය වල පහර කෑ සළකුණු විය.
YOU ARE READING
ඔහු සහ මම (Ongoing - Non Fan Fic)
Non-Fiction" අතරමං උන මම පාර අහලා තියෙන්නෙ හිරකාරයෙක්ගෙන්..."