78.ගැලවෙන මඟ

120 22 36
                                    

කතාවට කලින්
අද කොටස මේ සිතියමත් එක්ක යන්න...
එතකොට පැහැදිලි වෙයි.

එතකොට පැහැදිලි වෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

78

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


78. කොටස
පොදිය තුළ සිට කෑ ගසන්නේ ගැහැණියක් බව මම වටහාගත්තෙමි. ඈ ඇතුළට තල්ලු කළ මිනිසා අප දැක තැති ගත්තේය.

ගෝලියාත් මා පසුපසට කළේය. ඒ මිනිසාට එතරම් ශක්තිමත් දේහයක් නොතිබූ අතර  මුහුණ වැසෙන ලෙස යතුරුපැදියක හිස් ආවරණයක් පැළඳ සිටියේය.

අප දෙස බලා සිටි මිනිසා අඩියක් පසුපසට ගත්තේය. කොණ්ඩය කෙටි වන ලෙස කැපූ තරුණියක් බෑගය තුළින් පිටතට බඩ ගෑවාය.

ගෝලියාත් ඔහුගේ ගෙලෙන් අල්ලා බිත්තියට තබා තද කළේය.

" මම එයාට කරදරයක් කරන්නෙ නෑ..." මිනිසා කෑ ගැසුවේය. "...කරුණාකරලා මම හදන්නෙ උදව් කරන්න..."

" අපි කොහොමද ඒක විශ්වාස කරන්නෙ ? " ඈෂ්වින්ගර් ඇසුවේ තරුණියට නැගිටගන්නට උදව් කරමිනි. ඇය නිරූපණ ශිල්පිනියක් බව මට පෙනුනි.

" ...ඔයා හොඳින් ද ? " ඈෂ්වින්ගර් ඇගේ මුහුණ අල්ලමින් ඇසුවේය. එක්වරම ඔහු භීතියෙන් කෑ ගසා තරුණියව ඉවතට තල්ලු කළේය.

" මොන මගුලක්ද ? " ඈ වැටෙන්නට නොදී අල්ලාගනිමින් මම කෑ ගැසුවෙමි.

ඔහු සහ මම (Ongoing - Non Fan Fic)Where stories live. Discover now