81.
ඉවාරා මා වැළඳගෙන පිළිගත්තාය. ඇය මා සාදය තුළට කැඳවාගෙන ගියාය. එතැන පරිපාලන කාර්යාලයේ පිරිස සිටින ආකාරය දුටු මම හැකිළී ගියෙමි. එහෙත් ඔවුන් මා වෙත විශේශ අවධානයක් ලබා දුන්නේ නැත. ඇතමෙකු මා සමඟ සිනාසුණ අතර සුබපැතුම් හුවමාරු කරගත්තෝය. මට ආහාර බෙදා ගන්නා ලෙස ආරාධනා කළෝය. මට පහසුවක් දැනුනි. මම බෑගය සහ කබාය පසෙකින් එල්ලා ඒ මේ අත ඇවිදිමින් මිනිසුන් සමඟ සිනාසෙමින් සිටියෙමි. ඉවාරාගේ නිවස නවීන පන්නයේ මාළිගාවක් මෙනි. සෑම දෙයක්ම නවීන සහ දිදුළන පෙනුමකින් යුක්තය." ඩෑම්...ඉවාරා නම් හොඳට ඉන්නව වගේ..." දෙවන මහලේ වූ විසිත්ත කාමරයේ ඒ මේ අත ඇවිදිමින් මම සිතුවෙමි. එහි කිසිවෙකු හෝ සිටියේ නැත.
කැබිනට්ටුවක් මත තබා තිබෙන රාමු කළ ඡායාරූපයක් දුටු මගේ ඇස් වලට කඳුළු ඉණුවේය. ඒ ඉවාරා,ලූක් සහ මම සිනාසෙමින් සිටින ඡායාරූපයකි. මම එය අතට ගෙන ලූක්ව ස්පර්ශ කළෙමි. ඔහු සම්පූර්ණයෙන්ම මගේ ජීවිතයෙන් ඉවත්ව ගොස් ඇති සෙයකි. ඔහු ඉවාරාට හෝ කතා කරනවාදැයි මම දන්නේ නැත. ඔහුගේ දිගු හිසකෙස් උරහිස් මතින් වැටී ඇත. දීප්තිමත් සිනහව නිසා ඇස් දිදුළයි.
මට ඉවාරාගේ කුඩා මහල් නිවාසය සිහිපත් විය. මම සෑම විටම මෙන් එහි යන්නටත් ඇගේ ඉවුම් පිහුම් රස විඳින්නටත් පුරුදු වී සිටි කාලයක් විය.
එක්තරා සරත් කාලයක සති අන්තයේ අඩුම කුඩුම රැගෙන ඉවාරාගේ නිවසට යන ලූක් සහ මම , ඇය සමඟ බේක් කරන්නටත්, උයන්නටත් උගත්තෙමු. ඇතැම් විට ඒවා රසවත් ය. ඇතැම් විට අපි මහල් නිවාසය දුමාරයෙන් පුරවා දමමු ! කෙසේ වුවත් අපි සිනා සෙන්නෙමු. ඒවා සපමින් චිත්‍රපට නරඹමු. මම මගේ සිනාසෙන රූපය දෙස බැලුවෙමි. ඉවාරා මගේ කර මතින් අතක් දමාගෙන සිටියාය.
YOU ARE READING
ඔහු සහ මම (Ongoing - Non Fan Fic)
Non-Fiction" අතරමං උන මම පාර අහලා තියෙන්නෙ හිරකාරයෙක්ගෙන්..."