part 01

299 13 1
                                    

සුවිසල් කාමරයක හරි මැද පොලවටම සවි වු යකඩ අැදක් ..තැනින් තැන දැල්වු රතු  පැහැ ඉටිපන්දම් වලින් එන රත් පැහැය සමග එක් වුන අදුර බව කාමරය තුලට ගේනාවේ පාලූ මූසල බවක් ..භයන්කාරයක් කිව්වොත් හරි..

පොඩි දොරක් විතරක් තිබ්බ කාමරේ එකම පිටවීම වුනෙත් එ දොර විතරමයි ..ජනේලයක් කවුලුවක් වත් නැති එ කාමරේ හිරගෙයක් ..

හිස් එකක් නෙමේ දැනටමත් හිරකාරයෙක් ඉන්න හිරගෙයක් ...

යකඩේ අැදේ  සුදු සේද අැතිරිලි මැද දැත් දෙපසට කර විලංගු දැමු තරැණයෙක් ..

තවමත් ගතේ තියෙන්නේ සුදු පැහැ පාසල් නිල අැදුමමයි ..අත් දිග සුදු කමිසය කලින් වැලමිට ගාවට නවලා නිට් එකට එක රැල්ලක් වත් නැති වෙන්න මැදපු කමිසය දැන් පොඩි වෙලා ඉරිලා ගිහින්  ගන්නම දෙයක් නැති වෙලා තිබ්බා ..
පපුම මැද්දේ ගහලා තිබ්බ ප්රාද ශිශය නායක බැජ් එක ඉරිලා ගිය කමිස පලුවක එල්ලිලා තිබ්බා.. කලින් අාඩම්බරයෙන් අැගලාගෙන හිටිය ප්රාදාන ශිශය නායකට අයිති නිල් පාට බේලේසරය දැන් අැද පාමුල ගුලි වෙලා
යට බැනියමේ තැනින් තැනින් තැන පේන ලේ පැල්ලන් වලට වගකියන්න ඔනි තුවාල කැලැල් එ් කිරිගරැඩ පපුවේ පෙන්න තියෙද්දි  තරැණයගේ අැස් වේගෙන් කාමරේ එහේ මෙහේ ගියේ බෙරෙන්න මගක් හොයනවා වගේ ...

පාසල් වියේ පසු වුවත් ඔහු හැඩි දැඩි තරැණයෙක් ..බැද දමා තිබු දැත් නිදහස් කරගන්න හැදුහැම මොහොතකම ලැබු අතුල් පහරවල් වලින් කමුබුලේ ගෙලේ අඩ නිරැවවත් පපුවේ විතරක්නෙමේ නිරැවත් වෙලා තියන යටපතුල්වල පවා තිබ්බේ නිදහස වෙනුවෙන් දැගලුවට ලැබුනු දඩුවම ..බෙල්ට් පාරවල්

සරාස් ...........

යකඩ දොරක් වැලි වල අැතිල්ලලා එන සරාස්  හඩත් එක්ක විවර වුන දොරින් මතුවුන රැපේ දැක්ක ගමන් මෙච්චර වෙලා අැස් කරකෝ කරකෝ හිටපු තරැණයගේ කටින් පිටවුනේ හීල්ලුමක් ....

අඩියෙන් අඩිය තමන් ලගට එන රැපය ඉස්සරහා පස්සට යන්නත් බැරැව ඉස්සරහට යන්නත් බැරැව එක තැන හිර වුන තරැණයා අසරනයි ...ඊටත් එ හැඩි දැඩි එක අතක එතිලා තියෙන බෙලෙට් එක දැක්කහම එන වෙවිල්ල නතර කර ගන්න බැරැවම තරැණයා අැස් පියා ගත්තා..

🌹RED KANDLESS🌹Место, где живут истории. Откройте их для себя