සිල්මියා කාමරේට ගියත් හවස් වෙනකම් එලියට ආවෙ නෑ.ඒ ගෙදර හුරු නැති නිසා වෙන්න ඇති කියල නිමාලි හිතුව.
හවස් වෙලා විහඟ දොරෙන් ඇතුල් වෙද්දිම දැකපු දෙයින් පුදුමයට පත්වුණා.
ඔලුවෙ ඉදන් කලු කබායකින් වහගත්ත ඒ රූපෙ ඔහුව තුශ්නිම්භූත කලා.සිල්මියා හිටියෙ කාමරේ දොර ලග. ඇය එකපාරටම විහඟ දිහා බලල ඉක්මනට කාමරේට ගියා.
විහඟ කෙලින්ම ගියෙ නිමාලි ලගට.
"කවුද අක්කෙ අර ඇවිත් ඉන්නෙ? "
"ආ...ඒ අපේ ගෙදර අලුත් සාමාජිකාව."
නිමාලි කිව්වෙ හිනාවෙලා ගණනකට නොගෙන .
"ඒ.... විහිලු නොකර කියනවකො ඕයි."
"මුස්ලිම් ගර්ල් කෙනෙක් මල්ලි. එයා මෙහ බෝර්ඩ් වෙන්න ඇවිත්......තමුසෙ මනමාලකම් එහෙම කරල අහුවෙන්ඩ එපා ඕං..."
නිමාලි කිව්වෙ විහඟ ගෙ කනට කරල රහසින් වාගෙ ."අම්මෝ ..මොනවද මේ අක්කල මල්ලිලාගෙ සතරකන් මන්ත්‍රණ...?"
සනුජ කාමරේට ආවෙ හිනාවෙවී.
"නෑ සනූ...මං මල්ලිට කිව්වෙ අර සිල්මියාට බැල්ම දාල අහුවෙන්ඩ එපා කියල.""පිස්සුද අක්කෙ තමුසෙට?.බලන්ඩ අයියෙ මේ වාචාල කට ඒ ලමයට ඇහුණ නම් අදම ගෙදරින් යයි."
"හරි හරි මං විහිලුවක් කලේ හලෝ..."
නිමාලි කිව්වෙ විහඟ ගෙ පිටට ගහන ගමන්.
ප්‍රශ්නෙ ට විසදුම් හොයා ගත්ත විහඟ කෙලින්ම ගියෙ උඩ තට්ටුවෙ තමන්ගෙ කාමරේට.
කාමර තුනක් තිබුණත් උඩ තට්ටුව විහඟ ගෙ රජ දහන වෙලා තිබුණෙ කවුරැවත්ම ආවෙ නැති හින්ද.උඩට යන්න පඩි පෙල නගින ගමන් නිකමට වගේ සිල්මියාගෙ කාමරේ පැත්තට බැලුණත් විහඟ දැක්ක ඒක වහල තියනව කියල.ඔහු ඒ ගැන එතරම් අවධානයක් දුන්නෙ නෑ.
රෑ වෙලා හැමෝම කෑම කන්න ආවත් සිල්මියා කාමරේට ම වෙලා හිටිය.
"නංගි ...කෑම ගෙනාවද ?"
නිමාලි දොරට තට්ටු කරද්දි ම සිල්මියා දොර ඇරිය.