කැලේ ඇතුලට වෙන්න තිබුණෙ ලොකු ගස් .යන්න හරියට පාරක් වත් නැති වුණත් මිතුන් ගියෙ පුරැදු කාරයෙක් වගේ .විහඟ කටු අතු, ගස්වල වැල් එහාට මෙහාට කර කර අමාරුවෙන් පාර පාද ගත්ත.
ගේ ඉස්සරහ පාර කිට්ටුවට වෙන්න ගෙවල් තිබුණත් කැලේ පැත්තට එක ගෙයක්වත් තිබුණෙ නෑ .මීටර විස්සක් විතර ගිය මිතුන් කැලේ ඇතුලෙ ලොකු අඹ ගහක් යට තිබුණ ගලක් උඩ ඉදගත්ත. විහඟ ත් අමාරුවෙන් නැමි නැමී ගිහින් ඉදගත්තෙ ඒ ලගින්ම .
අඹ ගහ යට තණකොල පිට්ටනියක් වගේ පොඩි ප්‍රමාණයක් තිබුණ .එතනින් එහාට තිබුණෙ පේන තෙක්මානෙ කැලේ.තැන්තැන්වල කෑ ගහන කුරැල්ලන්ගෙ සද්දෙයි, විටින් විට ගහෙන් ගහට පනින රිලවුන් ගෙ සද්දෙයි ඇරෙන්න වෙන හඩක් තිබුණෙ නෑ.
මිතුන්ට මෙතන ගොඩක් පුරැදු තැනක් කියල විහඟට හිතුණ.ඔහුට ඒ ගහ යට සිසිල් ගතියට ගොඩක් හිත ගියා .
"මොකක්ද ඔය හිතේ තියන ප්‍රශ්නෙ? මට කියන්ඩ බැරි එකක්ද?"
ටික වෙලාවකට තිබුණ නිහැඬියාව බින්දෙ විහඟ. මිතුන් මොකුත් නොකියාම ඔහේ අහක බලාගෙන හිටිය .
"හිතේ මොකක් හරි ප්‍රශ්නය ක් තියෙනවනම් කාටහරි කිව්වම සැහැල්ලු වෙනව. මට නම් එහෙමයි.නැත්තම් හිතට අමාරැයි"
විහඟ ඔහු දිහා ම බලාගෙන හිටිය.වෙනද තියන ආඩම්බර, නපුරැ ගතිය වෙනුවට ඒ මූණෙ තිබුණෙ ලොකු අසරණ බවක්."මං නිතර එන එක ගැන ඔච්චර තරහක් තියෙනවනම් නෑවිත් ඉන්නම්"
විහඟ අමාරුවෙන් ඒ වචන ටික ගැට ගහ ගත්තෙ ඔහුගෙ හදවත ගැලවෙන්න තරම් වේදනාවක් මතුවෙද්දි.ඔහුගෙ ඇස්වලට කදුලුත් පිරුණ.
ඒත් මිතුන් මොකුත් නොකියාම ඇස් පියාගත්තෙ අඹ ගහට හේත්තු වෙලා. විහඟ ඒ විසදගන්න බැරි මූණ දිහා බලාගෙන හිටියෙ ලොකු දුකක් වගේම ආදරයක් හිතේ පිරෙද්දි.ඔහු ඒ කම්මුල් දිගේ ගලන කදුලු අතින් පිහදාද්දිම මිතුන් ඇස් ඇරල ඔහු දිහා බැලුව. එකිනෙකට ගැටුණු ඇස්වල නොකියවුණ හැගීම් අවදි වෙද්දි මිතුන් ආයෙත් නිහැඬියාව බින්ද.
"මට ටිකක් තනියම ඉන්ඩ ඕන"
ඔහුගෙ ගෙ කටහඬේ තිබුණෙ තැන්පත් බවක් .