පහුවදා උදේම විමලාවතී බස් එකේ ගෙදර ගියෙ හැමෝගෙම විරෝධය මැද.තනියම ගෙදරක ඉන්න එක ඇගේ වයසත් එක්ක අවදානම් කියල කෙතරම් පැහැදිලි කරත් ඇය ඇගේ තීරණය වෙනස් කරේ නෑ.
"මිතූ...ඇයි දන්නෑ නේද නැන්දම්ම ගියෙ?"
විහඟ ඇහුවෙ ඇගේ බැල්මෙන් පවා සැක හිතිල තිබුණ හින්ද. මිතුන් ඉවෙන් වගේ දැනගෙන හිටිය ඇය ඔවුන්ගෙ සම්බන්ධ ට කැමැත්තක් නෑ කියන එක. ඒත් විහඟ ඒ ගැන දැන ගෙන හිත රිදවගන්න එකට ඔහු කැමති වුණේ නෑ
"වයසක අය කොහොමත් එහෙම තමයි .එයාල කැමති නෑ පිට තැනක ඉන්ඩ.එයාලට ඕන අතු පැලක හරි කමක් නෑ තමන්ට හුරු තැන ඉන්ඩ."
මිතුන් කිව්වෙ බිල් හදන ගමන්ම ගණනකට නොගෙන.
"ඒත් මට නම් සැකයි"
විහඟ කිව්වෙ ඇදෙන් ඉදගන්න ගමන්.
"ඇයි.....?"
"අපි ගැන දැනගෙන ද දන්නෙ නෑ?"
"පිස්සුද මැට්ට ?"
මිතුන් හිනාවුණා.
විහඟ ටිකක් නිහඬ වෙලා ඉදල ආයෙත් කටහඬ අවදි කරා.
"ඒත් මිතූ......මට හිතෙනව ඔයාගෙ ලග හිටපු හැමෝම ටික ටික ඈත් වුණා කියල.."
"ඉතිං..?"
"ඉතිං මං හින්දනෙ?"
විහඟ බිම බලාගෙන දුකෙන් වගේ කියද්දි මිතුන් ඔහු දිහා බැලුවෙ පුදුම වෙලා.
"ඒ කතාවෙ තේරුම මොකක්ද ?"
මිතුන් ඇහුවෙ ඔහු ලගට ඇවිත් ඉදගන්න ගමන් .
"නෑ ඉතිං ඔයාට මේ වගේ සම්බන්ධයක් ඇති කරේ මමනෙ. මං හින්ද හැමෝම ඈත් වුණා."
"උබට පිස්සුද බන්?.තනි අතින්ද අත්පුඩි ගැහුවෙ?"
මිතුන් කිව්වෙ කරට අත දාන ගමන් .
විහඟ කතා කරේ නෑ.මිතුන් ඔහුට තවත් ලංවුණා.
"මේ අහපන් මැණික. මං උබට ආදරේ කරන එක කාටවත් නවත්තන්ඩ බෑ.මගෙ හිතේ ඉන්නෙ උබ විතරයි .උබ කවදහරි දවසක කිව්වොත් යන්ඩ ඕනෙ කියල......."