විහඟ ට වැඩට ගියත් වෙනද තරම්.උද්යෝගයක් ඔහුට තිබුණෙ.නෑ.නිවාඩු දවස එනකම් ඔහු හිටියෙ නොඉවසිල්ලෙන්.
"කොහෙද පුතේ හැමදාම ඔය යන්නෙ? අර දුව හම්බෙන්න නෙමේනෙ ?"
නන්දාවතී ඇහුවෙ ගොඩක් කල් ඉදල අහන්න හිතපු ප්‍රශ්න යක් වගේ.
"නෑ අම්මෙ..මගෙ යාළුවෙක් ගෙ ගෙදර."
"ඔයාට එහෙම යාලුවො නෑනෙ පුතේ. අනික ඔය තරම් ලගින් ආශ්‍රය කරන?"
"අයියෝ..අම්මෙ..මට කියන්නෙ කෙල්ල වාගෙ මේ ගේ අස්සට වෙලා ඉන්ඩ කියලද?"
විහඟ අමනාපයෙන් වගේ කියල බයික් එකට නැග්ග.
"අපෙ අප්පෝ..දැන් පුංචි බේබි ට තරහ යන තරම්"
සිරිය කිව්වෙ මිදුල අතු ගාන ගමන් හිනාවෙවී .
"ඒකනෙ, බලපන්කො සිරිය?,.මුන් කර දඩු උස් මහත් වුණාම අපිව ගණන් ගන්නෙත් නෑ."
නන්දාවතී ගේ ඇතුලට ගියෙ අමනාපයෙන්.
* * *
විහඟ දැන් මිතුන්ට ඇරෙන්න ඒ ගෙදර අයට අමුත්තෙක් වුණේ නෑ.
"බයික් මාමා ආව අම්මෙ"
විහඟ බයික් එකෙන් බහිද්දිම පොඩි එකා දුවගෙන ගේ ඇතුලට ගියා.
"ආ....එන්ඩ මල්ලි ඇතුලට."
"කෝ අක්කෙ මිතුන් ?"
"ගොඩ දවසකින් අද වැඩක් හම්බුණා මල්ලි.කාගෙද මහත්තයෙක් ගෙ බඩු වගයක් පටවන්ඩ. ටිකක් දවල් වෙයි එන්ඩ"
මිහිරි එහෙම කියනවත් එක්කම විහඟ ගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ මිතුන් කුලී වැඩ කරන්න යන එක ගැන හිතල .ඔහුට මිතුන් ගැන ඇතිවුණේ අනුකම්පාවක් ද ආදරයක් ද කියන එක ඔහුටම තේරැම් ගන්න අපහසු වුණා.
"හැම තැනම රස්සා හෙව්වත් අද කාලෙ උසස්පෙලවත් බලනවනෙ අඩුම තරමෙ.අපේ මල්ලීට ඕ ලෙවල් විතරනෙ තියෙන්නෙ."
ඔහුගෙ හිත ආයෙත් උණු වුණේ මිතුන් වෙනුවෙන්.
"ගාමන්ට් එකක යන්ඩ ගත්තත් පොඩි නංගිගෙ වැඩවලට ඇරෙන්ඩ කවුරැවත් නෑනෙ .ලොකුත් මේ සැරේ ඒ ලෙවල් කරනව.ඉතිං ඒ හින්ද මල්ලි නැවතුණා "