විහඟ පුදුමෙන් බලාගෙන හිටියෙ ඒ මූණ දිහා.
පිරිමි මූණක්.තලෙලු හම ,යන්තමට වැවුණු රැවුල් කොට ,ඔහුගෙ හිත ප්‍රහේලිකාව ක් කරා.ඔහු ආයෙත් හෙමින් හිස ආවරණය කරපු රෙදි කෑල්ල උඩට කරා. ඒ කොටට කපල උඩට හදපු කොණ්ඩෙ ඔහුගෙ පුදුමය තවත් වැඩි කරා.
ඒ එක්කම ඔහු බැලුවෙ ගැහැණු ලමෙක්ගෙ වගේ ඉස්සිලා තියන ලැම දිහා.මූණෙ විදියට ඒකත් බොරැවක් කියල ඔහුට තේරැම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ
"පුංචි බේබි...සිහිය ආවද?"
සිරියාගෙ කටහඩ ඇහෙද්දිම ඔහු ඉක්මනට ඒ මුහුණ තිබුණ විදියටම ආවරණය කරා.මොකක්දෝ හේතුවකට ඔහුට ඒ රහස එලි කරන්න හිත දුන්නෙ නෑ.
ඔහු සිරියා ගෙනාපු වතුර ඒ පියවුණ ඇස් දෙකට ඉහින ගමන් ඇස් දෙකේ ගෑව.මුහුණ ආවරණයට උඩින් වතුර ඉහල උරහිසින් අල්ලල ආයෙත් කතා කරා.
"සිල්මියා.....සිල්මියා......."
ඇය යන්තමට ඇස් ඇරිය. ආයෙත් ඇස්පියාගෙන ආයෙත් ඇස් ඇරිය.තත්පර ගාණක් එහෙමම ඉදල එකපාරටම නැගිටල විහඟ දිහා බැලුවෙ බය බිරාන්ත වෙලා.ඒ එක්කම පිස්සුවෙන් වගේ මුහුණු ආවරණය අතගෑවෙ ඒක මූණෙ තියනවද බලන්න වගේ.
ඒ කලබල වීම දැකපු සිරිය ට හිනා ගියත් විහඟ නම් ඇසිපිය නොගහ බලාගෙන හිටියෙ ඒ ලොකු වුණ දුඹුරු පාට ඇස් දිහා.
"බය වෙන්ඩ එපා ලමයො.පුංචි.බේබි විතරක් නෙමේ.මමත් මෙතන දිගටම හිටිය."
සිරියා හිනාවෙලා කිව්වෙ සිල්මියා බය වුණේ විහඟ ලග හිටිය හින්ද වෙන්නැති කියල.
එතනින් ඉක්මනට නැගිටපු සිල්මියා ඉක්මනටම කාමරේට ගිහින් දොර වහගත්තෙ විහඟ බලාගෙන ඉද්දිමයි.ඔහුට තාමත් හිතාගන්න බෑ මේක හීනයක්ද කියල.
"පුංචි බේබි......., පුංචි බේබි......, ඒ දැරිවි ගියා. තාම මොකද ඔතන ඉදගෙන.? කෑම හදල තියෙන්නෙ.බේබි නාගෙන එන්ඩ"
විහඟ පියවි සිහියට ආවෙ සිරියගෙ හිනාමුසු කටහඬින්.
ඔහු හෙමින් නැගිටල උඩට ගියෙ වොෂ් කරන්න වුණත් එහෙමම ඇදේ ඇලවුණේ ප්‍රශ්න පත්තරයක් හිතින් හදන ගමන්.