chapter 05 🤤😉❤

106 23 9
                                    

ආදි pov...

ඔහොම ටිකෙන් ටික කාලෙ ගතවිලා ගියා. දැන් අපි ගොඩාක් හොද එකටම ඉන්නෙ. කොහොමින් කොහොම හරි අපි කතාවෙලා සකු අපෙ ගෙදර ආවා දවසක් ඉදලා යන්න.

ගෙදර කවුද.. ආදි අක්කෙ.. ඔයා ඉන්නවද...

ආහ්.. පැංචියෙ ඔයා දැන් ම ආවද. මං හිතුවෙ තව පරක්කු වෙයි කියලා. අම්මේ.. මෙන්න සකු ඇවිල්ලා...

ආහ් දුව.. මෙයාද සකු.. අක්කා මට ගොඩාක් දේවල් කියලා තියෙනවා දුව ගැන...

එන්නකො සකු අපි යන් මගෙ කාමරේට..

උෆ්.. මං හිතුවෙ සකු එද්දි දවල් වෙයි කියලා. බලද්දි ටියුලිප් නවය වෙද්දිම ඇවිත්. සකුගෙ තාත්තා සකුව ගෙනත් දාලා ගියා.. මට මාර සතුටුයි. අපි දෙන්න උදේ ඉදන් රෑ වෙනකම් කෑගැහුවා, සිංදු කිව්වා, නැටුවා, ටැංකියට බැහැලා නෑවා..  අන්තිමට සකුයි මායි රෑ ෆිල්ම් එකක් බැලුවා..

8.30 p.m

අක්කෙ... අපි ෆිල්ම් එකක් බලමුකො..

ම්ම් මොකද්ද බලන්න ඔනෙ.. horror movie එකක් බලමුද..

අනෙ හා බලමුකො..

දෙන්නත් එක්ක horror movie  එකක් බලන්න පටන් ගත්තට මොකද. අනෙ මෙන්න මැද හරියක් යද්දි පුටුව උඩට කකුල් දෙකත් අරන් කෙල්ල බයෙ ගැහෙනවා. හොල්මන එනවත් එක්කම මං සකුගෙ බෙල්ලට අත තියලා....

බුහ් හහ් හා...

ආනෙ අක්කෙ.. බේරගන්නකෝ.. ආහ්..

ඊයා සකු බයගුල්ලි හූ හූ... හහ් හහ් හා හහ්

සකු කෑගහපු විදිහට මට තනියම හිනා. කොහොමහරි අපෙ අම්මා ඇවිල්ලා බැන්නා. බොරුවට බයෙ දගලන්නෙ නැතුව දෙන්නා එක්ක ටීවි එක වහලා නිදාගන්න කියලා. ඉතින් අපි දෙන්නා නිදාගන්න ගියා.

එකොලහ දොලහා වෙනකම් කියව කියව ඉදපු අපි දෙන්නා නිදාගන්න ගියා.. එවෙලෙ සකු දොයියගත්තෙ මගෙ උරහිස උඩ..  ඉතින් එයාට එහෙම ඉන්න දීලා මං එයාගෙ ඔලුව අත ගගා කල්පනාවකට වැටුනා...

සකු pov..

මං අද තාත්තා එක්ක ආදි අක්කිලාගෙ ගෙදර ගියා. ඊටපස්සෙ වෙලෙ ඉදන් අපෙ වැඩෙ ම දගවැඩ කරන එක තමා. දවල් අපි නාන්න ගියා. Bathroom එකෙ දෙන්නටම නාන්න බැරි නිසා අපි දෙන්නා කරෙ ආදි අක්කලාගෙ ගෙදර තියෙන ලොකූ... ටැංකියට බැහැලා නෑව එක..  මං ඉතින් ආදි අක්කට වතුර ගගා එයාව අවුස්ස අවුස්ස දැගලුවා..

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now