Chapter 08 😕💔

112 19 8
                                    

සති දෙකකට පසු....

ක්‍රිකට් ප්ලේ කර කර හිටපු මට ලමයෙක් දුවන් ඇවිත් කිව්වා විනයභාර මැඩම් මට කතා කරා කියලා. කවදාවත් නැතුව කතාකරපු නිසා ටීම් එකෙම අය පුදුම වෙලා හිටියෙ...

ආදි මොකද්ද අර ඔයයි සකුයි කියන ලමයයි අතර තියෙන සම්බන්ධෙ ?

අහ් මිස් මොකක්. අපි අතර එහෙම සම්බන්ධයක් නෑ මිස් අපි යාළුවො විතරයි.

ඒ ලමයවත් මං ගෙන්නුවා. දෙන්නා එක්කම කතාකරලා එහෙම දෙයක් තියෙනවා නම් නවත්තන්න අදම. ඕවා හරියන දේවල් නෙමෙ. දෙමව්පියො දැනගත්තොත් එයාලටත් ලැජ්ජා හිතෙයි. අනික දරුවො කෙල්ලො දෙන්නෙක් අතර ආදරයක්. අපෙ ඉස්කෝලෙ ඉන්න හොදම ලමයෙක් ඔයා. නිකම් බොරුවට ඔයාගෙ නම කැතකරගන්න එපා.

ඒත් මිස් අපි අතර එහෙම දෙයක් නෑ.

එහෙනම් මොකටද එච්චර ඔයාට වඩා බාල ලමයෙක් එක්ක ඉන්නෙ හැමතිස්සෙම. ආ මට prefect කෙනෙක් කිව්වෙ ඉස්කොලෙ පුරා මේ කතාව පැතිරිලා. ඔයාගෙ නමට මොකද්ද දැන් වෙන්නෙ ආ දරුවො.

මැඩම්.. මට කතාකරාද මැඩම්.. මම තමයි සකුනි.

වෙන දෙයක් හිතාගන්න බැරුව ඉද්දි මගෙ ටියුලිප්මල ආවම මං තවත් බය උනා මොකද මං දන්නවා එයාට පොඩි දේත් දරාගන්න බෑ කියලා අපිට ඈත් වෙන්න කිව්වම ඒක එයාට කොහොම දැනෙවිද. අනෙ මගෙ අසරණ මල.

ආ සකුනි දුව. එන්න ඇවිත් ඉදගන්න මට කතාකරන්න ඔනෙ දෙන්නම එක්ක.
මොකද්ද දරුවො දැන් මේකෙ තේරුම. ඔයාලා දෙන්නා අතර තියෙන දේ නවත්තන්න ඔනෙ. නැත්තම් මට දෙමව්පියන්ට කතාකරන්න වෙයි.

මොකද්ද මැඩම් මේ කියන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෑ මැඩම්..

සකුනි ඔයා දැන් බබෙක් නෙමෙන්‍ර් දේවල් තේරුම් නොගෙන ඉන්න. මං කිව්වෙ ඔයාලා අතර තියෙන සම්බන්ධෙ ගැන.

ඉතින් ටීච ආදි අක්කා මට අක්කා කෙනෙක් විතරයි නෙ ඒකෙ මොකද්ද තියෙන වැරැද්ද. අනික මං එහෙ යනවා එනවත් එක්ක එයාලගෙ අම්මත් හරි හිතවත්නෙ. මට තේරෙන්නෑ මිස්.

මං හිතනවා ආදිට තේරෙන්න ඇති කියලා මං කිව්ව දේ . දැන් දෙන්නම පන්‍තියට යන්න එහෙම දෙයක් නෑ කියලා පෙන්නන්න දෙන්නා ටික දවසක් ඈතින් ඉන්න.

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now