තුන්වන කොටස

604 87 11
                                    


"කෝ... අයින් වෙයන් ඉතින් දැන්... රැහැයියා මගේ... උඹටත් ඇලවිලා ඉන්න තියෙනවා නම් තාප්පෙක හරි කමක් නෑ නෑ නේද සුදු මැණිකේ... ම්ම්ම්... ඕනි නම් ගුලි කරගෙන හංගගන්න පුලුවන්... ඒත් තවම ඒකට වෙලාව නෙවෙයි... යමන් ඉතින් දැන් කන්න... බඩ කෑ ගහනවා ඇහෙන්නෙත් නෑ මගෙ බබාට..."

"ම්හ්... අනේ ඉතින්..."

ඇලෙක්ස් මාව එයාගෙන් ඈත් කරලා එයාගේ සාක්කුවේ තිබුන ලේන්සුවක් අරගෙන ගලපු හොටු කදුලු කිසිම අප්පිරියාවක් නැතුව පිහලා දැම්මා... අසනීපෙකදී කිඹුහුමක් ගියත් ගෙදර හැමෝම මං දිහා බැලුවේ කුනු උන මලකදක් දිහා බලනවා හා සමානව උනත් ඇලෙක්ස්ගේ අත් අතරේ තිබුනේ තනිකර උතුරන මනුස්සකම... මං වෙනුවෙන් තිබුන උතුරන ආදරේ... ඒ ආදරේ ගලන ඇස් දිහා කෙලින් බලන් ඉන්න බැරි කමට මං බිම බලද්දි මගේ නලලේ මායිමට දැනුනේ උනුසුම කැටි උන තෙත ගතියක්...

ඇලෙක්ස්ගෙන් පලවෙනි වතාවට මට හාදුවක්... ඒකත් නලලට... ඇලෙක්ස් කියන්න හදන්නෙ මාව වටිනවා කියලද??? ඇලෙක්ස් කියන්නෙ මාව ආරක්ශා කරනවා කියලද??? ආයිමත් පාරක් කදුලු නාලිකා පන ගහනකොට මං අසිහියෙන් වගේ පැනපු ගමන් ඇලෙක්ස්ව බදා ගත්තා... මට ඕනි දැන් ඇලෙක්ස් මාව තද කරලා බදා ගන්නවා...

"අඩන්නේ ඇයි රත්තරනේ... උබ මගේ නේ...  මං උබව රකිනවා නේ..."

ආයිමත් හිස් මුදුනට හාදුවක් තියපු ඇලෙක්ස් මල් පෙත්තක් අල්ලනවා හා සමානව අතෙන් අල්ලගෙන ඇවිදගෙන ගියේ... මට පුදුමත් හිතුනා... කේන්තියෙන් කට දෙපැත්ත මිරිකගෙන හිටිය මනුස්සයද මෙහෙම හිමීට නොරිදෙන්න අල්ලන්නෙ කියලත් හිතෙනවා...

ගොඩක් දේවල් තියෙනවා හිතන්න මට...
ගොඩක් දේවල් තියෙනවා බය වෙන්න මට...
හැමදාම වගේ,
වෙන දෙයක් වෙච්චදෙන් කියලා හිතාගෙන,
මං මේ මොහොත විදින්න ඕනි... විදලා නැති හැගීම් දැන්වත් විදින්න ඕන... ඒ හැගීම් මතක තියා ගන්න ඕනි...

"සුදු... "
"බේබ්..."

"මොනාද දරුවෝ කල්පනා කරන්නෙ???"

මගේ අතත් අල්ලගෙන ඉස්සරහින් ඇවිදගෙන යන කඩවසම් රූපේ දිහා බලාගෙන කල්පනා කර කර ඉදියට එයා නතර වෙලා මං දිහා බලද්දි මං මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවේ පිස්සෙක් වගේ... තාමත් අපේ අත් එකට බැදිලා...

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now