අවසානයට

488 64 34
                                    

❤️❤️

"ආකූ... අනේ බබා දැන් ඇති නේද බං තරහා වෙලා ඉදියා...ම්ම්... යාලුවෙනෝකෝ..."

"ඔයා වෙස්සන්තර වගේ මාව දාලා එන්න හිත හදා ගත්තෙ කොහොමද මනුස්සයෝ... මට.. මට තමුසෙව පේන්න බෑ... පේන්න එන්න එපා මට... මට කේන්ති, තරහයි, දුකයි ඕයි... අර..අර නාකි මනුස්සයා දාපු රැස් බලාගෙන තමුසේ... තමුසේ කොහොමද මාව දාලා එන්න ලෑස්ති උනේ.. මට ආදරෙයි කිය කිය... බොරු... බොරු කරන්නේ ඔය... මටත් තේරුම් ගන්න තිබ්බා ෆැන්ටසි අස්සේ තියෙන ආදරේ සැබෑ ලෝකේ නෑ කියලා... මටයි වැරදුනේ... මමත් ආවා නේ කසාදයක් බැදලා... ඔලුව හැරුණු අතේ යනවා මම... බොරුකාරයා... "

"ආ, "

"අහකට පල ඇලෙක්ස් මගෙන් සාස්පාන් පාරක් නොකා... "

බිම් බෝම්බේ තාම පුපුරනවා... තව ටිකෙන් සාස්පාන් ගැට්ට කරේ හිටින්න කනවා පිටි පස්සෙන් බදා ගන්න ගිහින්... ඒකා තනියම කියව කියව අඩ අඩ උයනවා... මමත් දන්නවා ඉතින් මං කරේ වැරැද්දක් කියලා....ඕක කියව කියව මතක් කරන්න ඕනි යෑ...

"කෝ සුදු මෙහේ එන්න... කෝ ඔය ඇඩුවා මදැයි... මටත් කේන්ති යනවා දැන් හොදේ..."

"ඇත්ත, කියනකොට කොහොමත් ඔහොම වෙනවා.. මට තමුසෙව හම ගහන්න හිතෙනවා ඇලේ... මාව දම්බ්ම්මම්හ්ම්ම්ම් "

පනුවා වගේ දගලන ආකූව අල්ලගෙන මං කකුලක් උඩින් ඉන්ද කර ගත්තා.. මේකා කකුල උඩ ඉදගෙන නට නට කියවනවා කියවනවා ඉවරයක් නෑ... බැරි තැන බෙල්ල පිටි පස්සෙන් අල්ලලා බලෙන්ම කිස් කරන්න ගත්තා... ඔන්න එතූට ඉන්නවා හොර පූසෙක් වගේ ඇස් යටින් බල බල මූන රතු කරගෙන... කෝ දැන් එතූට අර බංගලාවට ගිහින් සද්දයක් දාලා ආව කොල්ලා... ඌ හොයා ගන්නත් නෑ දැන්... හහ්... කෝලම් මෙයාගේ...

"මං වැරදි තමයි වස්තුව... ඒත් මට ඕනි උනේ ඔයාට පවුලක් දෙන්න... ඒක. ඒක ටිකක් එයාලගේ දේවල් ඕවර් ගියා වැඩි වගේ... නැත්තං අද ඔයාට පවුලක් ඉන්නවා... "

"අනේ රෙද්දේ පවුල, මට ඕනි මට පහසු මිනිස්සු... ඔයාව මට පහසුයි... ඔයා තමයි මගේ පවුල... "

"මං දන්නවා වස්තුව... ඉතින් කියන්නකෝ... මගේ චූටි පූස් පැටියව යාලු කර ගන්න මම මොකක්ද කරන්න ඕනි... ම්ම්ම්... "

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now