හත්වන කොටස

592 75 18
                                    

❤️❤️

"ඇලෙක්ස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඇලෙක්ස්..."

"ම්ම්ම්..."

"ඔයාගේ කලින් වයිෆ්??? "

"රූබි? ඉතින්, "

"එයා ඔයාව ඉල්ලුවොත්, ඔයා ලගට එන්න ඕනි කිව්වොත්??? "

මං ලොකු හුස්මක් අතෑරලා මගෙ එහා පැත්තේ ඉදපු ආකූව උස්සලා ඔඩොක්කුවට ගත්තා... දවස් දෙකක් අපි දෙන්නා මේ ගේ අස්සට වෙලා ඉන්නවා... මට මේ දවස් දෙකට තේරුන එකම දේ තමයි ආකූ මගේ ඔඩොක්කුවට වෙලා ඉන්න ආසයි... ඉතින් මං එයාව හැම වෙලේම වගේ එයාව ඇදලා ඔඩොක්කුවට අරගන්නවා...

"හ්ම්... ආදරය හා ආකර්ශණය කියන්නෙ ටිකක් ගැඹුරු හා සරල සංවේදන දෙකක් ආකූ... ආකර්ශනය කියන්න දේ අපිට ඕනිම වෙලාවක් ඕනිම කෙනෙක් ගැන ඇති වෙන්න පුළුවන්... රූබි ගෙයි මගෙයි ජීවිත එකතු උනෙත් ආකර්ශනයක් මත කියලා තමයි මම විශ්වාස කරන්නේ... ඒකයි මට එයාව, අපේ මැරේජ් එක එපා වෙලා ගියේ... ලබා ගන්නකන් විතරයි මට ඒ දේ ගැන ආසාවක් තිබුනේ... පහු වෙද්දි රූබි මම පාරවල් දෙකක යද්දි අපි කතා වෙලා වෙන් උනා...
ඒත් ආකූ ආදරේ කියන්නෙ වෙනම ලෙවල් එකක්... මට ඔයාව දකිද්දී අමුතු විදිහට පපුව ගැහෙන්න ගන්නවා... ඔයාව බලන්න ඕනි කියලා හිතෙනවා... මට ඔයාව හංගලා තියා ගන්න ඕනි... ඔයා ලගදී මට නිදහසක් දැනෙනවා... මට මම වෙන්න හිතෙනවා... මං අනික් අය ඉස්සරහා ගොඩක් කතා කරන මනුස්සෙක් නෙවෙයි ආකූ... ඒත් මට ඔයා එක්ක ඉද්දි ගොඩක් කතා කරන්න ඕනි... ඒ වගේ... මට දැනෙනවා මං කොයි විදිහට උන්නත් ඔයා මගෙ ලග ඉදි කියලා... මට ඕනි ඔයාව පරිස්සම් කර ගන්න... මට ඔයාව දැක්කාම ලෝබයි ආකූ... මට ඔයත් එක්ක මාව බෙදා ගන්න හිතෙනවා... ඔයාගේ හැම දෙයක්ම මම වෙන්න ඕනි කියලා ආස කරනවා...
මට මේ හැගීම් කිසිම දෙයක් රූබි ලග දැනිලා නෑ බබා... අඩුම මං එයාව මැරි කරත් හතර පාරක් සෙක්ස් කරලා ඇති, මට ඒකත් එපා උනා... ඒත් මට ඔයා එක්ක හැම සීමාවක්ම බිදලා දාන්න ඕනි... මට ඕනි ඔයා ලගට වෙලා ඉන්න...
මං මගේ sexuality එක ගැන දැනගෙන ඉදියෙත් නෑ... මට වගකීමෙන් කියන්න පුළුවන් මේ හැගීම් හැමදෙයක්ම දැනුනේ ඔයා ලග විතරයි.... මං ජීවත් වෙන්න ආස කරන්නෙ ඔයා ලග...
ඉතින් මං ඇයි මේ පටන් ගත්ත අලුත් ජීවිතේට රූබිව අදාල කර ගන්නේ... ම්ම්ම්... මං ඔයාට ආදරෙයි... මට ඕනි ඔයත් එක්ක ජීවත් වෙන්න... එච්චරයි... එතනින් එහාට ඔයාටවත් මටවත් කතා කරන්න අයිතියක් නෑ... ඔයා මගේ... මං ඔයාගේ...
ඒක නිසා මේ චූටි මොල පොඩ්ඩ මහන්සි නොකර මාත් එක්ක සැහැල්ලුවෙන් ඉන්න...
තේරුනාද මගේ වස්තුවට... ම්ම්ම්... "

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now