𝐄𝐩𝐢𝐥𝐨𝐠𝐮𝐞 ✨️

100 19 14
                                    

🐥" අපි එයාව හොයාගමු හ්‍යොං.. බයවෙන්න එපා.. "

ජිමිනා මගෙ පිටට තට්ටුවක් දාලා කිව්වෙ මගෙ හිත හදන්න හිතන් වෙන්න ඇති..
මීට මාස තුනකට කලින් ජිමිනා කැලිෆෝනියා වලදි සෝයොන් වගේ කෙනෙක්ව දැකලා තිබ්බා..
එයා කතා කරපු දවසෙම හවස අපි කට්ටියම කැලිෆෝනියා ආවෙ කෙල්ල මෙහෙ ඉදියි කියල හිතන්..
මාස තුනක් තිස්සෙ හෙව්වත් කෙල්ලව අපි කාටවත් හොයාගන්න බැරි උනා..

🐨" ඔහොම ඉන්න එපා හ්‍යොං.. අද අලුත් ඩීල් එකකට සයින් කරනව නේද.. "

🐱" නේ...අද ඒ කම්පැනි එකට යන්න ඕනි.."

මං ඒ උත්තරේ විතරක් දීලා නිහඬ උනාම ජූන් මං දිහා ටිකක්වෙලා බලන් ඉදලා යන්න ගියේ හැමදාම වගේ හිත රිද්දගෙන කියල මං දන්නවා.. මං ඉස්සරටත් වඩා මගෙ සහෝදරයො හයදෙනා එක්ක කතා නොකරන නිසා, හිනා නොවෙන නිසා, එකට ඉන්නැති නිසා එයාලගෙ හිත් ගොඩක් රිදෙනවා කියල මං හොදටම දන්නවා..මොකද කාටත් වඩා මගෙ සහෝදරයො ගැන මං දන්නවා..
ඉස්සර ඉදන්ම මං වැඩිය කතා නොකෙරුවත් එයාලා හයදෙනා ගැනම හොද අවධානෙකින් හිටියෙ.. එයාලත් මට ගොඩක් ආදරෙයි. මොකද එයාලා දන්නවා මං ආදරේ පෙන්නනෙ නෑ කියලා..

ඉස්සරටත් වඩා මං දැන් තනියම ඉන්නෙ.. මගෙ කොල්ලො හයදෙනා එක්ක එකට ඉදගෙන කෑම කාපු දවසක්වත් මට මතක නෑ..
ඒ තරම් මං එයාලගෙන් දුරස්වෙලා..
මං එයාලගෙන් ඈත්වුනේ සෝයොන් ගිය නිසා කියල එයාලා හිතුවත් ඒක පොඩි හේතුවක් විතරයි.. මං විඳින වේදනාව ගැන එයාලා දැනගන්න ඕනි නැති නිසයි මං එයාලගෙන් ඈත්වුනේ..මට ඕනි උන්නෑ මං විදින වේදනාව එයාලා දැනගන්නවට..
ඒකෙන් එයාලගෙ හිත රිදෙනවා කියල දැන දැනත් මට එහෙම කරන්න වුනා..

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Mar 02 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Tahanan ng mga kuwento. Tumuklas ngayon