02

579 71 0
                                    

"1970 දශකයේ මේරි වොල්ස්ටන් ක්‍රාෆ්ට් ලියපු The vindication of right of women කෘතිය තුලින් ස්ත්‍රීවාදයේ දෙවැනි රැල්ලේ නැගීම පිලිබඳ සදහන් වෙනවා.."

"මේ බලපන්කෝ ගෑනු ස්ත්‍රීවාදය කියලා උන් විවේචනය කරලා තියෙන පඩ ටෝක්

1. ස්ත්‍රී පුරුෂ සමාජභාවය
2. පුරුෂ ආධිපත්‍යය
3. ස්ත්‍රී රෝෂණය

"මේ බලපන් අලුත් එකක් තියෙනවා ලිංගික පුමතිරිකරණය කියලා.."

පාඩම යන්නෙ මුල් පේලිවල වැඩ්ඩොන්ට විතරයි . වල බහින ආට් එකා එහා පන්තියේ විනයභාරයට බයේ පස්ස ගිනි ගත්ත උන් වගේ කරුම විනාඩි 40 ක පත පීරියඩ් දෙකක් ගෙවලා දානවා ..

"ඕකෙ තේරුම නම් දන්නෙ නෑ ගැරි කැටයා මේකෙ තේරුම සුද්ධ සිංහලෙන් කියපන් මචං.. ජාතක වගේ මතක තියෙයිනේ උබ කිව්වම "

අලි ඔලුවෙන් ඉන්න කලු කොල්ලා විහිලු කරේ මුල් පේලිවල උන්ට නෑහෙන්න..

" ලිංගික පුමතිරිකරණය කියන්නේ ස්ත්‍රීන්ට ලිංගිකත්වය සදහා පුරුශයන් සේම අයිතියක් හිමි විය යුතුයි කියන එක "

හීන්දෑරියා ... බිම බලාගෙන මිමිනුවා..කරුමෙ නම් පොලිටිකල් සර් ඌව එලියට දාපු එක

"උබ මොකද ඔතන වෙනම පාඩමක් ද? වරෙන් ඉස්සරහට ඇවිත් " බලය පිලිබඳ ස්ත්‍රීවාදයේ ලිබරල් , සමාජවාදී , රැඩිකල් අර්තකථන 3ම කටපාඩමින් කියපන් බලන්න "

" සර් ඒක තියෙන්නේ 5වෙනි පාඩමේ මතවාද එකේ.. දේශපාලන විද්‍යාව පිලිබඳ ප්‍රවේශ වල නෑනේ"

" තෝ මට උගන්වන්න එනවද ඒ පාර ? ඒක තමා කිව්වේ ගයිඩ් එකක් ගනින් කියලා. තොපිලට ඒවට සල්ලි නෑ කුඩු ගහන්නයි ගෑනුන්ට ජංගි අරන් දෙන්නයි සල්ලි තියෙනවානෙ . පල එලියට "

ඒක අමාරු වෙලාවක් !

ඊලගට english . පුතෝ උබ බේරිලා පලයන් ...

කොල්ලා ඊලගට ගියේ library එකට.. අතේ තිබුනේ පන්තියේ පලවෙනියගෙන් ඉල්ලගත්‍ත පොලිටිකල් සයන්ස් 12 වසර ගුරු අත් පොත

" කොල්ලො අද නම් සෙනග. උබට පාඩම් කරන්න තියෙන්නේ සර්ලා ඉන්න තැන "

බලපන්කෝ කොල්ලට කොහේ ගියත් කැපිල්ල . අමුතු හැට්ට කර තියෙන සාරි අදින පුස්තකාලායාධිපතිනිය...

නගිනවනේ ඉතින් !

***

"සර් එතකොට කාටවත් දැන් ඔය නෝටිස් බොක්ස් එකට කාටූන් දාන කොල්ලව හොයා ගන්න බැරි වෙලාද?"

" ඒකයි මම මේ කේසර පුතාගෙනුත් ඇහුවෙ... කොල්ලා කට්ටිය ඩිස්මිස් වෙන වෙලාවක ඕක දාන්නෙ .. අපේ එකෙක් එක දවසක් මුරට හොරෙන් බලන් හිටියොත් ඕකා කාටූන් දාන්නෙ නෑ..

"මොනවා උනත් කොල්ලට හොද ඉවක් තියෙනවා "

සද්ද බද්ද නවත්තලා පොත් කියවන්න හම්බුනේ මාර ප්ලේස් එකක තමා ..

කොල්ලා වාඩි උනේ කතාබහ යන 13 කොමස් එකේ හෙඩයි ජූනියර් විනය භාර සර්ලා මැඩම්ලා ඉන්න ගුරුවරුන්ට කියවන්න තියෙන මේසේ...

අතේ තිබුනේ "ස්ත්‍රීවාදය පිලිබඳ විවේචන" කියන පොත . මොනාහරි කරුනක් හොයාගෙන යන්න ඕනෙ ground එක පැත්තට !

" සර් මොනවා උනත් මල්වරා කියන කොල්ලා එයාගෙ කාටුන් වලින් කියපු දේවල් නිසා අපේ ඉස්කෝලෙ ඉස්සරහ කඩේ මත් ටොපි බිස්නස් එකනම් පොලිසියට අල්ලලා දෙන්න පුලුවන් උන එක ලොකු දෙයක් "

"ඒකයි අයිසෙ මම මේ කොල්ලව හොයාගන්න හදන්නෙ. කේසර පුතා කාටුන් කියවන නිසා මේකෙන් කියන්නේ මොනාද කිව්වා නම් "

ගිය සතියේ බදාදා පත්තරේට දාපු කුනුවතුර නාන කොල්ලගෙ කතාව . ගයිඩ් එකේ අකුරු කියවනවට වඩා කොල්ලා කරේ අර කතාවට කන් දාපු එක .

"මම උත්සාහ කරනවා සර්"

මල්වර පිරිමි || BL  ✓Where stories live. Discover now