04

388 62 3
                                    

" ඒත් ඊට කලින් අයිය මට කියන්න සති දෙකක් තිස්සේ මේ චිත්‍රය බලාගෙන ඔයා තේරුම් ගත්ත දේ"

" මම?"

" ඔව්.. චිත්‍ර ඇන්දට ඒවා කියවන්න බැරි උන් රසවින්දනයට පොඩ්ඩක්වත් දක්ශ නෑ.."

" වෙනස මොකක්ද ?"

" චිත්‍රය බලාගෙන පාට සංයෝජනය අපූරුයි කිව්වට චිත්‍රය රසවිදිනවා කියන්නේ ඒකට නෙවෙයි . කවියක් වගේ.. කවියක් විචාරය කරන්න මතුපිට අර්තයට වඩා වටින්නේ ව්‍යංග්‍යර්ථය තේරුම් ගන්න එක...

මගේ ඇදපු චිත්‍ර 99ම ඔයාලා හරි අපූරුවට තේරුම් ගත්තා.. ඒත් මතුපිට කුනු තේරුම විතරයි .. 99 ඇතුලෙම ලියපු දුක වටින් ගොඩින් හරි තේරුම් නොගත්ත තැන මම උබලට අමු අමුවේ චිත්‍රය ඇන්දා.. ඒත් බලපන්කෝ සති දෙකක් තිස්සේ තාම හරියට තේරුම් ගත්තේ නෑ..ඒකයි ඇහුවේ මතුපිටින් හරී තේරුම් ගත්ත දේ කියන්න කියලා ...

මට පුලුවන් කාටුන් එකක් අදින්න විතරයි .. බැරිම උනොත් ඒකෙ හිස්තැන් පුරවන්න විතරයි .. ඒත් ඒක හරියට තේරුම් ගන්න එක බලන එකාගෙ වැඩක් "

" මට බණ අහන්න ඕනෙ නෑ.. උබ කාගෙ කවුද මොකුත් නොදැන මෙහෙම කතා කරන්නේ මේකෙ තේරුම දැනගන්න විතරයි ... අත කැඩෙන්න විචාර ලියන උබලට වගේ වහෙන් ඔරෝ කියන දේ අපිට තේරෙන්නෙ නෑ"

මුන් දෙන්නා තකට තක .ප්‍රශ්න කතා කරන්න කවුන්සලින් රූම් එකට යන්න තිබුනා ලයිබ්‍රි එකට ආවෙ මොකටද

දෙන්නා තෝර ගත්‍තා පොත් දෙකක් .

විවේන්ත් කේසර ගත්තේ 2021 අයවැය සංඛ්‍යා ලේඛනය ලොකු ලා නිල් පාට පොත

මල්වරා තෝර ගත්තේ අපරදිග ශිෂ්‍ටාචාරය කියලා පිටු 400ක තඩි තැඹිලි පාට පොත

දෙන්නම ඒ අතරින් ඉස්කෝලෙ පත්තරේ පෙරලගෙන ඉන්නවා

මුන්ට සුමති සම්මානය දෙන්න කාටද පුලුවන් ?

***

"මේ හීනි කෙට්ටු කොල්ලා උබ "

"එතකොට උබේ ඇදුම් ඉරුනේ ඇයි? "


"කුනු වතුර එන්නෙ නිල් පාට රෝස පාට මික්ස් උන ලොකු වලල්ලක් වගේ තියෙන සම්මතය කියන එකෙන් .. "

"උබ සම්මතය පාට දෙකකින් ගත්තේ හොද නරක කියලා තේරුම් කරවන්න ද?"


"එතකොට උබව ගැට ගහලා තියෙනවා නම්බුව සහ ආත්මගරුත්වය කියන බැමි දෙකේ.."

"ඒත් උබ ඉන්නෙ කොහෙද ?"



"ඒ මදිවට උබේ ඔලුව උඩින් තරාදියක් තියෙනවා ඒක උඩ පත කරුමය කියලා අල ගෙඩියක් තියෙනවා"

"ඇයි ඒක උඩින් තියෙන්නේ ?"

පිලිවෙලින් පිලිවෙල ලොකු කොලයක තමන්ට පෙනුනු දේවල් විවේන්ත් කිව්වා ..

හැබැයි ඒක 25%කටත් අඩුවෙන් ...

"මට තේරෙන්නෙ නෑ මේක ලියන්නෙ මොන වගේ තේරුමකින්ද කියලා ..ප්‍රශ්නෙ තියෙන්නේ උබ ලගනම් මට උත්තර හොයලා දෙන්න උදව් ඕනෙත් උබගෙන්..."

විවේන්ත්ගෙ කතාවෙන් බුම්මන් හිටිය මූන ටිකක් ලස්සන වෙලා..

ඒක ලොකු දෙයක් .

නැත්තම් හිතයි ආට් කොමස් හතුරො දෙන්නෙක් මූනට මූනලා එකම පත්තරේ කියවනවා කියලා...


මල්වර පිරිමි || BL  ✓Where stories live. Discover now