" උබ කිව්වේ කතාවෙන් 25%ක් වගේ ටිකක් .. මං හිතන්නේ අසාර්ථක කාටුන් ශිල්පියෙක් විදිහට මම මේක විස්තර කරන්නම් . හැබැයි කොන්දේසියක් පිට"
" මොකක්ද ?"
" විසදුමක් හැර අනුකම්පාවක් මට ඕනෙ නෑ.. තේරුනානේ"
" හ්ම්.."
මල්වරා හොද හුස්මක් ගත්තේ කොහෙන් පටන් ගන්නද තේරෙන්නෙ නැතුව ...
ඒක හුස්ම හිරවෙන වචන ගිලින කතාවක් ...
****
" ඔව් ඒ කොල්ලා මම..
ඩී එස් එකේ ඉදන් 9 A අරගෙන ලොකු ඉස්කෝලෙකට ආවෙ...
උබලා මට නවතින්න බෝඩිමක් දුන්නෙ නැ.. ඉස්කෝලෙ තියෙන්නේ නුවර උනාට මම හිටියේ ගම්පොළටත් එහා කිලෝමීටර් 20ක් දුරින් .. බස් එකේ එනවනම් උදේ පාන්දර 3ට එන හැටන් නුවර බස් එකේ නගින්න ඕනෙ.. ඒක මිස් උනොත් අනික එන්නෙ 4.30ට . ඉස්කෝලෙ එනකොට 9පහු වෙයි...
ගෙදර යනකොට උනත් මෙහෙන් 1.45 බස් එකේ ගියොත් 6ට කලින් ගෙදර යා ගන්න පුලුවන් .. බස් දෙකක ගමනක්.. 1000කට වඩා යන්න විතරක් ..
ඒ නිසා මම බෝඩිමක් නැතුව මාස දෙකක් දුක් වින්දා..
" එච්චර දෙයක් දැනගෙනත් ඇයි ඔයාට බෝඩිමක් දුන්නෙ නැත්තේ ඉස්කෝලෙන්.. ශිට් මම දන්නෙ නෑනෙ මීට කලින්"
විවේන්ත් කියද්දිත් කොල්ලා හිටියේ අර හීනි හිනාව මූනෙ තියාගෙන
" මාස 6කට කලින් මට බෝඩිමක් සෙට් උනා.. අදටත් ඒ අපායෙ ඉන්නෙ. සමහරවිට ඉස්කෝලෙ වටේ උන කුඩු බිස්නස් මත් ටොපි සීන් එක මම ලිව්වේ එතන ඉදන් "
" කොහෙද උබේ බෝඩිම තියෙන්නේ ?"
"%&# පාරේ"
" ඕ ශිට්.. කාලකණ්ණි පාරක් ඕයු ඒක.. උබ දන්නෙ නැද්ද ? උබට යාලුවෙක් හිටියේ නැද්ද මේ මගුල් කියන්න? ඕක තනිකරම කුඩු විමානයක් . තොටත් මොලේ නෑ ඒ අස්සෙම බෝඩිමක් හොයා ගන්න "
කොච්චර බැන්නද කිව්වොත් අමුතු හැට්ට කාරි මේසෙ දිහා රවාගෙන හිටියේ ලයිබ්‍රි බිත්තියේ ගහලා තියෙන 'නිශ්ශබ්දතාවය සුරකින්න' කියන බෝඩ් එක පෙන්වන ගමන්..
YOU ARE READING
මල්වර පිරිමි || BL ✓
Non-Fictionමාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්