06

343 66 0
                                    

ඒක පොඩි duo  ටච් ෆෝන් එකක්. දවස් දෙකකට පස්සේ ඒකට ආපු ඇමතුම ශවේද්ව හිනා ගැස්සුවා

"මූට දවස් දෙකක් ගිහින් උත්තරයක් හොයාගන්න "

කොල්ලා එහෙම හිතන ගමන් ෆෝන් එක ආන්සර් කරා..

" හෙලෝ මම කේසර "

" විවේන්ත් ?"

" ඔව්.. උබ අද කොහෙද ඉන්නෙ බෝඩිමේ නෙවෙයිනේ ?"

" නෑ ඩී එස් එකේ ඉන්නෙ ලයිබ්‍රි එකේ. "

" උබට තව පැයක් දෙන්නම් . පේරාදෙණිය පාරේ කැන්ඩි කොන්වන්ට් එකට එහා පැත්තෙ තියෙන ගරාජ් කැෆේ එකට වරෙන් . මට උබත් එක්ක කතා කරන්න තියෙනවා "

" තනියම නේද ඉන්නෙ ?"

"ඔව්"

ඒක පොඩි කතාබහක්.. එහෙම්මම පැය කාලක් තියලා පොත් ටිකත් බෑග් එකට දාගත්ත කොල්ලා ලයිබ්‍රි එක පිටිපස්සෙන් මාකට් එක හරහා ආවේ පේරාදෙණිය පාරට..

කොල්ලා කවදාවත් මෙච්චර ලොකු කඩවලට ගිහින් නෑ.. බෝඩිමට යන පාරේ නානගෙ කඩෙන් ගන්න 250 බත් එක දවල්ටයි රෑටයි එකට කාලා ගේමක් ගහන කොල්ලා පලවෙනි වතාවට ගරාජ් කැෆේ ආවෙ..

" ඉදගනින්.. ඔක්කොටම කලින් කියපන් මොනවාද කන්නෙ "

කලු ශර්ට් එකට සුදු පාට ඩෙක් දෙකක් දාගෙන හිටිය ධනපතියා බාටා දෙකක් දාගෙන හිටිය සමාජවාදී නිර්ධනයාගෙන් අහනවා මොනවාද කන්නෙ කියලා

" කියන්න තියෙන දේ ඉක්මනට කියපන් අයියේ 5 වෙන්න කලින් බෝඩිමට යන්න ඕනේ"

" තාම 3යි. බය නොවී හිටපන් .. එක්කො උබට මම වෙන තැනක් හොයලා දෙන්නද? ආයෙ ඔය ගුබ්බෑයමට යන්න එපා බන් "

ඒ ඇස්වල දැනටම අනුකම්පාව පිරිලා

" ඕනෙ නෑ.. මම මැරෙන්න කලින් ණය වෙලා මැරෙන්න ආසා නෑ.. කියපන් මම කියපු එකට උබ මොනහරි කරන්න පුලුවන් ද කියලා බැලුවද?"

" පුලුවන් එක ක්‍රමයක් තියෙනවා .. ඒත් ඒක උබටයි මටයි විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .. ඒ කොහොම උනත් ශවේද් අපි පොලීසියට කියලා ඉමු"

" පිස්සුද උබට? පොලිසියට කියන්න පුලුවන් නම් මම කෙලින්ම උබට කියන්නේ නෑ.. හැබැයි උබට කරන්න දෙයක් නැත්තම් මගේ ප්ලෑනට අනුව වැඩ කරන්න ඕනේ"

මල්වර පිරිමි || BL  ✓Where stories live. Discover now