08

457 73 4
                                    

" මිනිස්සු සමහර පොරොන්දු ඒ විදිහටම රකිනවා ... ඒක මම ඉගෙන ගත්තේ උබෙන් බබා"

දෙන්නාම හිටියේ සහස් උයනේ..

විවේන්ත් කේසර අද වෙනකොට මහනුවර ප්‍රසිද්ධ රජයේ බැංකුවක මූල්‍ය කලමනාකරු විදිහට වැඩ කරනකොට කොල්ලාට වයස අවුරුදු 30යි.

එතකොට කොල්ලා හිටියේ තනියම නෙවෙයි . සහස් උයන අච්චාරු කඩේ ලග ඉදගෙන පේර අච්චාරු එකක් කකා. කොල්ලා ලග හිටියේ එයාගෙ ආදරය...

" ආයෙත් පටන් ගත්තා .. මේ බන් අයියේ උබට මම ඔය මගුල් අතීතයෙන් ගැලවෙන්න කවන්නද හොද පේර කෑල්ලක් ?"

කෝලම් හිනාවකින් මූන සරසගෙන එහෙම ඇහුවෙ ශවේද් තිහස්වර.. අද වෙනකොට මහනුවර මහ රෝහලේ මනෝ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරනවා... ඇහුවම කිව්වේ මිනිස්සු තේරුම් ගන්න පුලුවන් උනොත් එයා සදහටම දිනුම් කියලා.. ඉතින් එයා මේ ලෝකේ තේරුම් ගන්න අමාරු ඒත් හරියටම තේරුම් ගත්ත මනුස්සයට ආදරේ කරනවා..

" හ්ම් .. එපා.. ඕවා සැරයි කන්න අමාරුයි . ඔයත් ගොඩක් කන්න එපා ගැස්ට්‍රයිටිස් වැඩි වෙයි"

විවේන්ත් කිව්වේ ටූත්පික් එකෙන් පේර කෑල්ලක් කටේ ඔබාගන්න ගමන්...

ඉදහිටක ලබන මේ නිවාඩුවට කොල්ලා ආසයි.. එයාගෙ සී අයි ඩී කොල්ලා එක්ක රවුමක් දාලා ෆිල්ම් එකක් බලන්න පුලුවන් එතකොට නේ..

" මේ පේර එක රුපියල් 100 විවේන් .. ඒත් ඔයා දන්නවද කොච්චර ලාබ ලැබුවත් පාඩු ලැබුනත් මේකෙ ගම්මිරිස් ලුනු රස ඉවර වෙන්නෙ නෑ.. සැරයි තමා ඒත් ඒ රූපෙට.. කටට අරන් හපලා කෑවම රසයි ..."

පන්ඩිත දොස්තර . ඒ කතාවෙන් පස්සේ ලස්සනට හිනා උන කොල්ලො දෙන්නට මතක් උනේ එයාලගේ පලවෙනි හමුවීම්...

පලවෙනි පලායෑම...

***


එදා පොලීසිය එනවා කිව්වම කොල්ලො දෙන්නා සාක්ශි ඔක්කොම එකතු කරගෙන , හිර වෙලා හිටිය කෙල්ලො දෙන්නෙකුත් එලියට අරන් ආවේ කොහොමහරි මේ ගුහාවෙන් පැනලා යන්න ..

දෙයියන්නවල...

සුදුහුම්පල

ඉස්සරහ ඉදන්ම නීති විරෝධී වැඩ වල තිප්පොලක් උනා.. ඒ කොහොම උනත් එදා පොලීසිය ,විශේෂ වැටලීම් ඒකකය වගේම රහස් පොලීසියේ බල්ලොත් ඔක්කොම අරන් මුලු වත්තම සීල් කරේ එයාලා බලාපොරොත්තු උන විදිහටම නිදහස ලැබෙද්දී...

මල්වර පිරිමි || BL  ✓Where stories live. Discover now