🐶05🐶

143 10 10
                                    

හවස 5 වෙද්දි ලොජ් එකට ආවේ පට්ට මහන්සියක් කට්‍ටියටම දැනුන නිසයි...

ඒකත් මුහුද ළග කියලා දැනුනම හිතට දැනුනේ මාරම නිදහසක්....හැමෝම ඩබල් බෙඩ් ගනිද්දි මං සින්ගල් බෙඩ් රූම් එකක් තෝරගත්තා....මට ඕනි උනේ තනිවෙන්න නෙමී....ඒත් මං කවුරු එක්ක උනත් එකට ඉන්න බයයි...කැම්පස් එකේ උනත් හොස්ටල්, බෝඩිම් ඉන්නේ නැත්තෙත්.... කොච්චර ලොකු ඉලන්දාරියෙක් උනත් එදා සිදුවීම ටික මගේ ජීවිතේ මෙහෙම උඩු යටිකුරු කරයි කියලා මමවත් හිතුවේ නෑ.
ආතල් එකේ හිටපු ඒ සදෙව් අද ගොඩක් දේවල් කරන්නේ බොහොම පරිස්සමින්...

වොෂ් එකක් දාගෙන පොඩි කලු ශෝටට ක්‍රීම් බැනියමක් දාගෙන පහලට ආවේ බීච් එකේ පොඩි වටයක් දාන්න...මුහුද කොහිද ඉතින් සදෙව් එතෙන.... ලොජ් එකේ සින්ගල් රූම් උඩ තට්ටුවේ තිබ්බේ.....ඩබල් ඒවා පල්ලෙහා....මෙහෙට ආවමත් එයාගේ හුරුව මට දැනෙන්නේ ඇයි කියලා මං දන්නේ නෑ.....හරියට එයා මගේ ළග ඉන්නවා වගේ දැනෙන්නේ ඇයි????...ඇයි එහෙම දෙයක් කරපු එයා ගැන මං හිතන්නේ....මට මේවට උත්තර නෑ.... ඔක්කම අමතක වෙන්න කියලා බඩ් දෙකත් කනේ ගහගගෙනම බීච් එකේ වැඩි දුරක් ආවේ දුර නොදැනීමයි...... 

රැල්ල කකුලේ වැදෙන නොවැදෙන ගානට වැල්ලේ වාඩි වෙලා ඉද්දි මගේ ඔලුවට ආවේ මගේ චුක්කිව...මගේ කියලා ඉන්න එකම එකී....එකම බඩවැලෙන් ඇවිත් අම්මගෙන් දැනුන ඒ අඩුව පිරෙව්ව මගේ අක්කි පණ....මොනා කලත් ඒකි මට පට්ට ආදරෙයි....මාත් ඊට වඩා ආදරෙයි...

කාලය කියන දේ හැමෝමව හැමදාම ලගම තියන්නේ නෑ වගේ එයාත් මගෙන් ටිකකට දුරස් උනා.....ඒත් හැමදාම මට එයා ළග ඉන්න තිබ්බා...ඒත් ඒ දේත් නැති කළේ ඔයා තමා මිස්ටර් අභී... ඒ ඔයා විතරමයි අභි අයියේ.....ඒත් මං ඔයාට වෛර කරනවා කියලා හිතනවා ඒත් ඊට වඩා ඔයා ගැන මට තියෙන්නේ පසුතැවීමක් විතරමයි....

°°°°°°°°°°°°°°°°°°°°°°°

"චූටී......චූටී......කොහිදෝ ඕයි ඉන්නේ....."

"චූටීයෝ......"

"මොකද බන් බෙරිහන් දෙන්නේ....මං මේ කාමරේ ඉන්නේ...."

"අහ් මේ ඉන්නේ කොල්ලා...මේ අහනවකෝ...."

"හරි කෙකර ගගා ඉන්නේ නැතිව කියනවා ඉතිම්..මට මේ ස්කෝලේ වැඩ ගොඩගැහිල"

|| 𝒮𝒽ℯℯ𝒷𝒶  ||   ❦ශීබා❦Where stories live. Discover now