🐶11🐶

69 10 14
                                    

හිනාවෙලා ළගට ගියපු මගේ හිනාව නැතිවෙලා ගියේ එයාට පස්සෙන් ආපු එයාගේ අතේ එල්ලිලා හිටිය චාම් ගර්ල් නිසා...දිගම දිග රෙඩ් ෆ්‍රොක් එකකින් හිටිය එයා හරිම ලස්සනයි....අභී අයියට මාරම මැච් එයා....

හිතට දැනුන ඒ පාලු හැගීම අමතක කරලා බොරු හිනාවක් දීගෙනම මං ඒ දෙන්නව පිළිගත්තා...

"අහ් අභි අයියේ වෙල් කම් ටු මයි කැෆේ ඇන්ඩ් හැපි වැලන්ටයින්....."

"වෙල්කම් වෙල්කම් සුද්දා.....සේම් ටු යූ.."

"එතකොට මේ......."

"අහ් සුදු මල්ලි මේ ඉන්නේ ශලේනා....."

"ශලී මේ ඉන්නේ මගේ සුදු මල්ලි .....මං කිව්වේ ඔයාට සදෙව් මල්ලි මෙයා තමා.."

"ඔහ් රියලි....මේ එයාද..."

මේ ඉන්නේ එතකොට ඒ එස් ද?? ම්ම්ම් ශලේනා.. ඒ දෙන්නා ඇස් වලින් කතා කරද්දි මට දැනුනේ හුස්ම හිරවෙනවා වගේ හැගීමක්....ඒත් මට දැන් අඩන්න තියා මුකුත් කරන්න බෑ.....මොකද මං පරක්කු වැඩියි...ප්‍රමාදය පසු තැවීමට හේතු උනත් ඒක මෙච්චර රිදෙයි කියලා හිතුවේ නෑ මන් මුලින් හිතුවේ සදෙව් දින්නා කියලා...බට් අයිම් ලොස්ට්...ටෝටලි ලොස්ට්....

"අහ් නයිස් ටු මීට් යු මල්ලි.....බිනු මට ඔයා ගැන කියලා තියෙනවා...."

"ඔහ්!!"

"සුදු මල්ලි මේ ඉ...න්...."

"ඔයාලගේ ටේබල් එක අන්න අතන තියෙන්නේ...අයියේ ඔයා පොඩ්ඩක් බලා ගන්නවද...ඔයා දන්නවනේ අනික.....මට අර මියුසික් වැඩේ පොඩ්ඩක් බලන්න යන්න ඕනී....."

මට ඕනි උනේ එතනින් මිස් වෙන්න.....මට බෑ ඒ කටින් අහන්න මේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා...මට බෑමයි.....හිතේ තියන් හිටපු හැමදේම බිදිලා ගියේ වීදුරුවක් බිමට වැටුනා වගේ....ඇත්තටම මට ඕනි තනිවෙන්න...ඒත් මේ උත්සවේ තියන්න ප්ලෑන් කලේ එයා නිසාමයි...මගේ හිතේ තියෙන දේ එයාට කියන්නමයි.....ඒත් ඒ ඔක්කම හේදිලා ගියා දැනෙද්දි....එයා එක්ක කතා නොකර හිටියාටත් වඩා මට දැන් මේක දරාගන්න අමාරුයි...ඒත් මෙහෙම දේකට මට හිත හදාගන්න වෙනවා කියලා මං දැනන් හිටියා....මොකද රිජෙක්ට් උනත් මේ හැගීමමනේ ලැබෙන්නේ.....

|| 𝒮𝒽ℯℯ𝒷𝒶  ||   ❦ශීබා❦Onde histórias criam vida. Descubra agora