🐶07🐶

101 8 13
                                    

"තාම තරහද මා එක්ක????"

බර කල්පනාවක් එක්ක එලියේ තිබ්බ චුරු චුරු වැස්ස දිහා බලන් හිටපු මං මේ ලෝකෙට ආවේ චුක්කි තේ කෝප්පෙකුත් අතින් අරන් ඇවිත් හිටපු නිසා....

"මට තමුසේ එක්ක කිසිම තරහක් නෑ....මට තියෙන්නේ දුකක්, පසුතැවීමක්....අම්මා තාත්තටත් වඩා මට දැනුනේ තමුසෙව... එයාලගේ ආදරේ, කෙයා එක ඒ හැමදේම ලැබුනේ ඔයාගෙන්..ඒත් මෙච්චර දෙයක් තමුසේ මගෙන් හංගද්දි මට තේරුනේ තමුසෙත් මාව පිට එකෙක් ගානට දැම්මා
වගේ....ඒකයි මට මෙච්චර දුක...
ළග හිටපු හැමෝම කලේ මාව රිද්දන එකයි,අතඇරලා දාන එක විතරමයි....මගේ පැත්තෙන් කවුරුත් හිතන්නේ නෑ....ඒවා කිව්වා කියලා වැඩකුත් නෑ......"

"මට සමාවෙන්න චූටියෝ....මට ඕනි උනේ තමුසෙව සර්ප්‍රයිස් කරන්න...හුගකාලෙකින් ආපු නැති නිසා මං වෙනුරටත් කිව්වේ ඔයාට නොකියම කරමු කියලා....ඒත් එයා කිව්වා මෙහෙම වෙයි කියලා....අනික තමුසෙත් දන්නවා මේක මං කොච්චර හීන දැක්ක දෙයක්ද කියලා....අවුරුදු ගාණකට පස්සේ දෙවියන් වහන්සේ දුන්නේ මෙයා මට....ඒකයි ඒක තමුසෙටත් සර්ප්‍රයිස් කරන්න හිතුවේ....ඒත් මං හිතුවෙ නෑ මගේ චූටියා ඒකෙන් මෙහෙම දුක් වෙයි කියලා.... මට සමාවෙන්න චූටියෝ...."

"ඒකට කමක් නෑ චුක්කි....මටත් හිතන්න තිබ්බා.... උන දේ උනා ඒක ඉවරයි....ඒත් මට එකම එක දෙයක් ඕනී.....ඒ මට ලැබුනේ නැති හැමදේම මේකට දෙන්න ඕනී.... හැමදේම....මට ඕනී මෙන්න මෙයාගේ හොදම යාලුවා වෙන්න...."

"හ්ම්..හ්ම්....යාලුවා බැරිනම් ඕන කෙනෙක් වෙන්න...අහ් මේක බීලා එන්න යමු කන්න දැන් 7ත් පහුවෙලා....."

"හ්ම්ම්ම් .... ඔයා යන්න මං එන්නම්..."

අහසේ දුවපු විදුලි ඉරි දිහා බලන් හිටියේ ඒ මූන ආයේ පාරක් මගේ හිතේ ඇදුන නිසා.... ඒත් එයාගේ හැසිරීම මට දැන් දෙන්නේ අමුතුම රිදිල්ලක්....ඒ ඇයි කියලා මං වත් දන්නේ නෑ...ඈත් වෙලා ඉන්න ඕන උන එයාව දැන් මට ඕනා....ඒ හිනාව, පස්සෙන් ඇවිල්ලා වද දෙන එක,මගේ දිහාම බලන් ඉන්න එක,මාව අවුස්සන එක...ඒ හැමදෙයක්ම මට ඕනී... ඒත් ඔයාට සමාව දෙන්නත් මට තව ටික කාලයක් ඕනී....හිත හදාගන්න ඕනී ඒකටත්...මට මගේ අභි අයියගේ සුදු මල්ලි වෙන්න ඕනී... ඒත් ඒකට තව ටික කාලයක් ඕනී.....

|| 𝒮𝒽ℯℯ𝒷𝒶  ||   ❦ශීබා❦Where stories live. Discover now