අහිංසක ගෙඹි ඇස්.

21 1 0
                                    

පහුව දා ජේම්ස් පාකර් වේලාසනින් අවදි වුනි.ඔහුගේ දින චර්යාවේ හැටියට දැන් ඔහු ඇවිදින්නට යායුතු ය.හොදින් ඇදපැලදගෙන එලියට බසින්නට ඉදිරිපස දොර විවර කරවිට දොර ලග ඔහුගේ වයසට ආසන්න වයසින් යුත් හැඩිදැඩි තරුණයෙක් හිටගෙන සිටියි.රැවුල මුඩු කර ඇහි පිහාටු දක්වාද පිටුපසින් බෙල්ල දක්වාද දිගට වැවූ කොන්ඩයක් ඇත.

"හෙලෝ පාකර් මම පීටර්"

"ඕ ගුඩ් මෝර්නින්."

"අපිට ටිකක් කතා කරන්න පුළුවන්ද?"

"ම්ඔ,..ඔව්, පුඑවන්.මම ඇවිදින්න යන්න හිටියෙ.කමක් නෑ එන්න ඇතුලට"පාකර්ගේ ආරාධනය පිළිගෙන පීටර් නිවසට ඇතුලු වී සෙටිය මත හිදගත්තේය.ටික වේලාවකට පසුව පීටර් සංවාදය ආරම්භ කලේය.

"ඔයා සමහරවිට අහල ඇති HAD crew ඒක ගැන.මම එකේ සමාජිකයෙක් "

"නැ,මම අහලා නෑ "

"එහෙමද?.කමක් නෑ,එයාලා, එහෙම නැත්නම් අපි, කරන්නේ භූතයෝ, පිසාචයෝ, Black magic වගේ අදුරු, දෙවියන්ට විරුද්ධ දේවල් නැති කරන ඒක."

"ඉතිං ඔයා ඇයි මාව හොයාගෙන ආවෙ.අනිත් ඒක.ඔයා මගේ නම දන්නේ කොහොමද?"

"එකනම් සුළු දෙයක්.මම ඔයාව හොයාගෙන ආවෙනම්,ඔයාගෙ ගෙදරට ඊයෙ-හරියටම කියනවනම් අද පාන්දර විතර කවුරුහරි ආවද?"

"ඔව් . ඔයා-එයාව-දන්නවද?"පාකර්ගේ මනසේ ඇගේ රුව ඇදෙන්නට විය.

"10%ක් විතර ඔව් ,90% විතර නෑ"

"මොකක්? "

"මෙහෙමයි ඔය ගෑණු ළමයා ඇවිත් ඔයාට කරදරයක් කරපු නැති එක....,ඒක මහ පුදුමයක්."

"එයා..... අපරාධකාරියක්ද?"

"නෑ,මේක....ඔයා විශ්වාශ නොකරයි.ඒත් අවුරැදු ගානකට පස්සෙ මේ වෙන දේවල් එක්ක.ම්...මෙහෙමයි ඔයා මම පිස්සෙක් කියලා හිතයි.ඒත් මම මේක කියන්නෙ ඔයාගෙම හොදට ඔයාගෙම ආරක්ෂාවට.එයා වැම්පයර් කෙන්නෙක්"

"තමුසෙට පිස්සුද ඕයි!?"ජේම්ස් ස්වරනාල ඉරීයන තරමටම කෑගසන්නට විය.

"හෝව් හෝව් කලබල වෙන්න එපා.ඒත් එකයි ඇත්ත."දකුණු අත ඉදිරියට ගෙන සන්සුන් වන ලෙස පීටර් සන් කරන්යනට විය.

The Holy Sword | ශුද්ධ කඩුව.®️Where stories live. Discover now