උකුස්සාගේ බෙල්ල කඩා දැමුවේය.

12 1 0
                                    

කාරා කකුලක් මත තවත් කකුලක් තබා ගනිමින් මේසය මත වාඩිවී සිටී.වීදුරු වලින් කරන ලද උකුසෙකු කුඩා දරුවෙක් ඩැහැගෙන යන පිලිරුවක් උඩ දදා තනි අතින් අල්ලමින් සිටී.එය බිම් වැටුනොත් ඈට animal හට ගෙවන්නට සිදුවේ.

ඈට එහායින් වන්නට ක්ලේ වයිස් නම් තරුණයෙකි.මොහු හැකර් වරයෙකි. වෘත්තීය වශයෙන් හොරෙක් නොවූවද ඊට සුදුසු කම් ඇත.

එතනට Animal පැමිණෙන්නට විය.තවත් මිනිසෙක් සමග පැමිණි ඔහු සියල්ලෝම අමතන්න ට විය.

"කට්ටිය අදුරගන්න අපේ අනිත් සමාජිකයා.රට්ට රට්ටු ටා....ටරටා."එක්ක ආ මිනිසා පෙන්වමින් ඔහු කියාසිටියේ ය.ඔහු පාත බලා සිටින්නේය.ඇස්වල සම්පූර්ණයෙන්ම ඇත්තේ හිස් බැල්මකි.කොන්ඩය note cut කපා ඇතිමොහු සිල් සමාදන්වූ අයෙක් ලෙසපෙනේ.ඔහුගේ මූන පුරා කැලැල් ඇත.එම කැලැල් කියා පෑවේ මොහුගේ මාරාන්තික බවයි.

"මේ පොතක් උස්සන්න ඇයි team එකක්.මට මේක තනියම කරන්න පුළුවන්."ඒ කාරා විය.

"මමත් මුලින් හිතුවෙ එහෙමයි ඒත් මේ කවුතුකාගාරෙ එසේ මෙසේ එකක් නෙමේ.ඔයාලා අහල තියෙනවද HAD crew ඒක ගැන"animal අසන්නට විය.

"නෑ"කාරා එක් වරම පිලිතුරු දුනි.

"හෙල්..සින්.."ක්ලේ

"හරියටම හරි" ක්ලේගේ පිළිතුර අසා ඇනිමල් මොරදෙන්නට විය."HAD ඒක පටන් අරන් තියෙන්නෙ හෙල්සින්."ඇනිමල් විස්තර කරන්නට විය."ඒක කරන්නේ හොල්මන් වගේ අත්භූත දේවල් නවත් වන ඒක.එයාලට ආයෝජකයො ගොඩක් ඉන්නවා. සල්ලි වලින්නම් කිසි අඩුවක් නෑ"

"හරි, මොකක් උනත් මට මේ ක තනියම කරන්න පුළුවන් "කාරා තෙපර බාන්නට විය.

"ඔයා හිතන තරම් ඒක ලේසි නෑ.මාස දෙකක් ළදරුවෙක් ට ලෝක බැංකුව මං කොල්ල කන්න පුලුවන්නම් මේකට අවුරුදු 70වක වත් පලපුරුද්දක් ඕනි."ක්ලේ කියා සිටියේ ය."අනිත් එක මෙයාගෙ පාරිභෝගිකයො මෙයාට හොදට ගෙවනවා වගේ."තම ලැප් පරිගණකයෙන් තම බැංකු ගිණුම දෙස බලමින් පවසන්නට විය.

"ඔව්."තොරින් දෙස බලා සිනාසී "ඇත්තටම එයාලා හොදට මට ගෙවනවා.එයාලා බලාපොරොත්තු වෙනවා මගේ හොදම අයව මේකට දායි කියලා.එයාලා මට මේ පොත දුන්නා."animal කීවේ බෑගයෙන් ගත් පොතක් පෙන්වමිනි"මේ original ඒකේ අනුරුවක් අපි හරි එක අරන් මේක තියන්න ඕන.හැබැයි අපි හතර ඇර වෙන් කවුරුත් මේක දැනගන්න බෑ එයාලා මට රස්‍යභාවයටත් ගෙවනවා.HAD එක ගාව තියන තාක්ෂණය ගොඩක් දියුණු .ඉතිං මේ පොත මාරු කරලා උස්සන්නනම් අපිට ඉන්නවා හොද හෙරක්.ඒවගේම හොද හැකර් කෙනෙක්.තුවක්කු කාරයො ගැන බයවෙන්ඩ දෙයක් නෑ,එහෙම නේද විප්."ඇනිමල් සමග ආ මිනිසාගෙන් ඇනිමල් විමසා සිටියේය.

"විප්..."කාරා තමාටම කියා ගත්තේය.

"ඕ එහෙනම් මේ ඔයයි.ලෝකෙම හොදම කූලී ඝාතකයා."එසේ කියා එක් ක්ෂනික යෙන් තම අතේ වූ පිලිරුවෙන් ඔහුට දමා ගැසුවේය.මෙම නොසිතූ වෙඩි උණ්ඩය දෙස නොබලාම,බිම බලාගෙනම ඔහු එය දකුණු අතේ ඇගිලි තුඩු මත රඳා ගත්තේය.ඔහුගේ අතේ නහර ඉලිප්පී පෙනෙන්නට විය.කාරා කට කොනෙන් හිනා වන්නට විය."ඕ....මාරයි නේ"

"ඕකට ඔයාට ගෙවන්-"ඇනිමල් කියා නිමකිරීමට පෙර ඔහු උකුස්සාගේ බෙල්ල ඇගිලි මගින් කඩා දැමුවේය.

***

***

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Holy Sword | ශුද්ධ කඩුව.®️Where stories live. Discover now