ඩ්‍රැකියුලා මාලිගාවේ නෑ!

23 1 0
                                    


මෙය ඩ්‍රැකියුලාගේ මාලිගාවයි.පාන්දරට ලැබෙන පලමු හිරු කිරණ මෙන් ඉතා අඩු මූසල එලියක් පමණි අවට ඇත්තේ.අස්සක් මුල්ලක් නෑර ගලින් කර ඔප දමා මනා සේ නිමවා ඇත.මකරෙක් එතී ඇති අයුරින් කැටයම් කර ඔප දමා ඇති මීටර් සිය ගණනක් උස ගල් කනු මත ශිලා වහළයක් පිහිටා ඇත.ගල් කනු වලට තරමක් ඈතින් පිහිටි ගල් බිත්ති මත අලෝකය සපයන පන්දමක් එල්ලා ඇත.

හැඩිදැඩි මිනිසුන් 20ගේ විතර උසින් යුත් ගල් දොරක් කොරිඩෝවේ කෙලවර හමුවේ.විවිද වූ සත්වයින් ගේ හා වෙනත් කැටයම් වලින් නිමකර මැණික් ගල් වන් ගල් අල්ලා ඔප දමා ඇති දොර විවර කරගෙන ඇතුලු වූයේ නික්‍රෝන්ය.ටයිල් අල්ලාහ් මෙන් දිලිසෙන ගල් පොළව මත එලා ඇති කුනුලේ පැහැ කාපටයක් දිගේ ගිය පසු එක් තනි හිස් අසුනක් හමුවේ.මෙය රාජකීය ආසනයකි.මාලිගයේ මද්දයට වෙන්න පිහිටි මෙම කුටිය විටක රජවරු තීන්දු තීරණ ගත් ඉස්තානයකි.අඩි ගණනක් උසින් පිහිටි කළු ගල් වලින් කරන ලද සදලු තලය මත හිද පහල බලා කලෙක ජනතාවගේ(පිසාචයින්) ප්‍රීති ගෝෂා තබන අයුරු බලා සිටින සදලු තලයෙන් අද පෙනෙන්නේ කටු කැලෑවක් පමණි.

රතු කාපටය දිගේ පැමින අසුන මත හිදගත් නික්‍රෝන් "ඩ්‍රැකියුලා.ඌ පැනල ගිහින්.මමයි දැන් අලුත් රජා.සාදරයෙන් පිළිගන්න වල්චර්"යැයි කියා උස් හඩින් සිනා දෙන්නට විය.

සාදරයෙන් පිළිගන්න වල්චර්"යැයි කියා උස් හඩින් සිනා දෙන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

***

"ඩ්‍රැකියුලා පැනලා ගිහින්!?"ග්ලැසේරා පුදුමයෙන් දෑස් විසල් කරගෙන කෑ ගසන්නට වුනි.

"ඔව්.නික්‍රෝන් මාලිගාව වටලලාලු"නීල් නම් වැම්පයර් වරයා කියා සිටියේය.

"ඒත්.නික්‍රෝන්,ඌ කොහොමද කඩුව නැතුව මාලිගාව වටලන්න තරම් නිර්භීත වුනේ."

The Holy Sword | ශුද්ධ කඩුව.®️Where stories live. Discover now