NEW Me

19 4 2
                                    

දැනුන මහන්සියත්,
අවට පැතිර ගිය
අඩවන් වූ ආලෝකයත්,
නිවි නිවී දැල් උන
කුඩා මේස ලාම්පුවත්,

නිදන ඇද මත තනිව වැතිර උන්
මට ගෙන ආවේ
සොදුරු දසුනක් නම්
නොවේ...!!

සෝල් වීදියේ
අදුරු පැත්තක
පුංචි කාමරයක
තනිව උන්
මට
ඇසෙන්නේ
පහල වීදියේ
ගෝෂාකාරීත්වයයි.

එක් දවසක අවසානයත්
තවත් අලුත් දිනයක ආරාම්භයත්
එකම මොහොතක සිදූ වන්නාසේ
එක්වරම නාද වූයේ මේසය මත වූ
කුඩාම කුඩා එලාම් ඔරලෝසුවේ
දොළහා කනිසමේ
ට්‍රීඊඊඊ..
හඩයි .

""මින් යුන්ගි !!
ඔබ තවමත් අවදියෙන්නේද ??!""
නිදන ඇද මත පැතිර උන් මට ඇසුනේ බලාපොරොත්තු නොවූ
හඩක් !!.
  නමුත්,
තරමක් ගැඹුරු සහා
නිහතමානී..

එය
මගේම කටහඩ බව අවබෝධවන්නට
මට තරමක වේලාවක් ගත වුණි.
ඒ වනවිට මා සිටියේ ..
නිදන ඇද මත
වැතිර නොව
එක්වරම අවදී වුවෙකුමෙන්
හිදගෙනය.

............................

ඔහුත් මාත් එක එල්ලේ තම තමන් දෙස බලාගත් අයුරින්මයි.
එකදු ඇසිපියක් හෝ
නොසෙල්වුණි.

"මින් යුන්ගි "

"මින් යුන්ගි "

අප දෙදෙනාගේ කට හඩවල් සමාන නැත.
ඔහුත් මා හා සමාන නමුත් කටහඩ ගැඹුරුයි.
පෙනුම ඉතාමත් ආදරණීයයි.
කඩවසම්
උරහිස් පළල්
දීප්තිමත්
දෙතොල් ප්‍රාණයෙන් සීනාහවත් වෙලා
මුහුණ රත් පැහැතියි
වශීකරවන සුලුයි .

එහෙත් , ඔහු .....
මං වගේමයි.

නමුත්
මා දුර්වලයි .
ඔහු මෙන් නොව
බලාපොරොත්තු විරහිතයි.
පෙනුම මළානිකයි.
ළදරුවෙක් මෙන් සිහින්.
දීප්තියෙන් තොරයි.
දෙතොල් වියළි බවකින් ඉරී තෑලී ගොස්,
මුහුණ වියළී,
ආදරණීයත්වය ගිලිහී ගොස්‍ ය.

පුදුමය නම්

අප දෙදෙනාම

""මින් යුන්ගි"" 

වීමයි.

...........................

පැනයක් :
අනාගතය සහා වර්තමානය එකට හවූ විය හැකිද ???!!!

...............................

එක්වරම ඔහු මා දෙසට නැඹුරු විය.
උරහිස් තදින් අල්ලගත් ඔහු ,
ඔහු දෙසට මා වැරෙන් ළංකරගත්තෙමි.

අනාගතයේ සහා වර්තමානයේ එක් වීමක්

මින් යුන්ගි .

මෙ ඔබේ අනාගතයයි

ඔබගේම අනාගතයයි

ඔබට හිමි වන අනාගතයයි

ආදරණීයත්වය පිරුණු අනාගතයයි

බලාපොරොත්තු ඉටු වූ
අනාගතයයි

මා ඔබමයි

ඔබ මා දෙදෙනෙකු නොව එක් අයෙකුමයි
මා විස්වාස කරන්න
ඔබගේ සියල්ල
ඔබ පැතූ අයුරින්ම සිදු වන බව මතක තබා ගන්න
අධිෂ්ඨානය අත් නොහරින්න.
ඔබ දීප්තිමත් බව විස්වාස කරන්න
ඔබගේ දක්ෂතාවය විස්වාස කරන්න
එයට ආදරය කරන්න.
ඔබ මම ම බව මෙතැන් සිට ඔබටම දැනෙනු ඇත.

මා ඔබයි...
!!!

NEW Me[Compeleted]Where stories live. Discover now