NEW Me

12 4 1
                                    

ට්‍රීඊඊඊඊඊඊඊඊ.

වෙලාව උදෑසන 8 පසු වී ඇත.
මා එක්වරම අවදි වූයේ
මේසය මත වූ කුඩා එලාම් ඔරලෝසුවේ
හඩත් සමග.
එය අවදී වූවාටත් වඩා තිගැස්සී ඇහැරුනේ යැයි කීම වඩත් සුදුසු බව මට සිතේ.

අතට ගත් එලාම් ඔරලෝසුවේ බොත්තම
හිමින් තද කළ මම නැවත් වරක් එය මේසය මත තැබුවෙමි.
ඒ ඇද මත නිදා උන් සැටියෙන්මයි.
ආ...යි....ශ්..!!
ඔරලෝසුව මේසය මත තැබුවත් ඉන් අතට ඉවත ගනිද්දී
මගේ මුහුණ මතට යමක් වැටුනේ සැහැල්ලුවෙන්.

"" ඔම්මා එවපු ලියුම !! ""

ඊයේ පුහුණු විම් අවසන් වී මම අවුල් වී ගිය මගේ නිදන කාමරය වෙත ආවේ නිදිබර ගතියකින්. එත් සමගම කුඩා කාමරයේ දොර අසල සිටි ජීයොන් අජුප්සි මට දික් කලේ දෙකට තුනට නවපු කඩදාසියක් .

""යුන්ගි අදත් ඔයාගේ ඔම්මා ආවා මෙතනට . එයා නම් ඔයා මෙතන ඉන්නවට කොහොමවටත් කැමති නැති පාටයි. ""

ජීයොන් අජුස්සී එක්වරම මෙ වදන් පෙළ දිග ඇර මා පසු කර යන්නට ගියේ කුඩා නවාතැන්හලෙ තවත් කුඩා කාමරයක දොරක් අභියසට.

එහෙන් මෙහෙන් දිරා ගිය අබලන් වූ දොර ඇර ගෙන මම කෙලින්ම පිවිසුනේ
අපිළිවෙල මගේ කුඩා කාමරයට.
ඇත්තෙන්ම , එය කාමරයක් නොව
පිස්සන් කොටුවක පිස්සන් දෙතුන් දෙනෙක් එකට වසන තැනක් මෙන්ය.

සෑම තැනකම පාසා දකින්න ලැබුනේ
භාගයට ලියා විසී කළ පියානො වාදනයට භාවිත කරන කොල කැබලියි.
තවමත් භාගෙට කෑ රාමෙන් පිගාන කුඩා කාමරයේ පුංචි මේසය උඩ.
බිම වැටි තිබු කොල කෑලි අතරින් පය තැබූ මම මුල්ලක වූ නිදන ඇද වෙත හොස් එහි දිගා වූයේ ජියොන් අජුප්සි දුන් ඔම්මාගේ ලියුමත් දිග අරිනිමින්.

"" ආ... අදත් එකම ටික. මට බෑ.මට බෑ.. ""
මගේ කටින් ඒ වදන් පෙළ පිට වූයේ අතෙහි තිබූ ලියුම ඇද මතට දාමා ගසමින්.

මම දිග සුසුමක් හෙලුවෙමි.

ජිවිතේ හරිම පුදුමයි.
හියෝන්ග් මම
ඔම්මා අප්පා
අපි පුංචි ලස්සන පවුලක්.
හරි ලස්සන ආදරයකින් වෙලුළු පවුලක්
හියෝන්ග් කියන්නේ මගේ පුංචි කාලේ වීරයා. හැබැයි ඒ අප්පට පස්සේ .
මගේ මතකයේ හැටියට හියෝන්ග් ආස උනේ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. අප්පාගෙත් ආසාව එකමයි.
හැබැයි ඔම්මා කිසිම දෙයක් ඒ ගැන කිව්වේ නැහැ.

NEW Me[Compeleted]Where stories live. Discover now