🅔︎🅟︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎ 04

37 3 1
                                    

.......
මට යන්න දීපන් .....එපා එපා ලගට එන්න එපා උබ මනුස්සයෙක් නෙමේ අහකට පලයාන් ...

උබ මැරැනා යකෝ උබ මැරැනා ...නැනැ අපි උබව මැරැවා යකෝ ...මගේ අත් දෙක උඩ උබේ හුස්ම ගියේ ....උබ නෙමේ මේ උබ නෙමේ ..

චරස්...........චරස්.........චරස්........

තනි කලුවර කාමරෙට වහලේ තියෙන සිදුරැ අතරින් අහම්බෙන් වැටෙන හද එලිය දිහාට අැදිලා යන වලලුකර වෙලාගෙන තියෙන දම්වැල් සද්දේ සැරින් සැරේ එහෙට මෙහෙට වෙනකොට කුරැසයක පෙන්ඩන්ට්එකක් තියෙන සිල්ව පාට මාලයක් පපුවට තුරැල් කරන් උමතුවෙන් වගේ බෙරිහන් දෙන්නේ රටේ අගමැති තුමා ..

තනි අදුරැ කුටියට වැටෙන හිනි ආලොකයේ හෙවනැලි වල මුලු දවසක්ම හැන්ගෙන්න හදපු
අගමැති තුමා හිටියේ බයෙන්ම හෙම්බත් වෙලා වෙනකොට සැරින් සැරෙට අදුරැ කුටියේ කෙලවරේම බිත්තියකට හෙත්තු වෙලා එයා දිහාම බලන් ඉන්න නොපැහැදිලි රැව දිහා බලන් කුරැසේත් පපුවට තුරැල් කරන් මොනමොනවදෝ මිමිනුවා ...ඊට පස්සේ ලග එන්න එපා කියලා කැගැහුවා ...තනි කලුවර කාමරේ අැතුලේ එලියක් හෙව්වා ..

ටකස් .. අගමැති තුමා
අදුරැ කුටිය කෙලවරේ ඉන්න නොදන්නා ආගන්තුකයගේ ගැඹුරැ හඩ ...

ආගන්තුක හඩ මොන තරම් ගැඹුරැද යටපත් කරගත්ත වෙෙරය මොන තරම්ද කියන්න පැහැදිලිව නොපෙනන රැපේ ඇස් දෙක ගිනිදැල් වගේ ඇවිලුනා ...

එ බැල්මම ඇති මනුස්සයෙක්ව බයෙන් උමතු කරවන්න ...

ටකස් අගමැතිතුමා ....අවුරැදු දෙකයිනේ ගියේ ඔයා ඔයා තව වයසට ගිහින්නේ ....මතක නැද්ද අගමැතිතුමාට එදා ඔයා කිව්වා මම තරම් සැප කදක් ජිවිතේටම හම්බුනාමයි කියලා ... අගමැතිතුමාම තමා කිව්වේ උබ මැරිලා ආවත් අමතක කරන්නැ කියලා ....දැන් මොකද මේ බයවෙලා ඉන්නේ ...

කෝ කෝ ඔහොමනම් බැ අගමැති තුමෝ ...
අවුරැදු දෙකකට කලින් කියපුවා අමතකද ?

මොකද අනේ හැන්ගෙන්නේ එන්න බලන්න ලගට ....

ආගන්තුක හඩ එක වෙලිවකට වෙෙරයෙන් පිරිලා අනිත් වෙලාවට කෙන්තියෙන් තවත් වෙලාවකට උපහාසයෙන් ..

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now