Christmas decorations pt1

178 11 0
                                    

ටේහ්‍යුන් ඔයා පොඩ්ඩක් අද රෑ ඉදලා ඔෆිස් ඩෙකරේශන්ස් වලට උදව් වෙලා යන්න..

JJ හෝල්ඩින්ස් වල CEO jeon jungguk කිව්වේ එයාගෙ සෙකට්‍රි ටේහ්‍යුන්ට.

අනේ සර්.. හෙට ක්‍රිස්මස්නේ..

ටේහ්‍යුන් නහයෙන් අඩන්න ගත්තේ උදේ ඉදන් ඔෆිස් එකේ මැරිලා මැරිලා වැඩ කරලා රෑත් ඉදලා මැරෙන්න බැරි නිසා.

ටේහ්‍යුන්..

ගුටිකක් තදින් කිව්වම ටේහ්‍යුන් නහයෙන් අඩ අඩා රෑට ඉන්නම් කියලා කිව්වා.

අහ් ටේහ්‍යුන්.. හෙට මගේ මල්ලිත් එනවා මෙහෙට. හෙටින් පස්සෙ අපි දෙන්නම මේකෙ සම අයිතිකාරීත්වය දරණවා. ඒක හෙට උදේට අනිත් අයටත් කියන්න..

ගුක් එහෙම කියාගෙනම ටේහ්‍යුන්ගේ කැබින් එකෙන් එලියට ගියා.

ඔය තඩි මසල් හාවා දන්නෙ මට අණ දෙන්න විතරයි..

ගුක් ගිය හැටියේම ටේහ්‍යුන් එයාගෙ පුටුවේ ඉදන්ම කැබින් එකේ දොර දිහා බලාං කටත් ඇද කරගෙන කියෙව්වා.

.......................................

Evening

ඔෆිස් ඇරෙන වෙලාව ඇවිත් අනිත් හැමෝම ගෙවල් වලට පිටවෙලා ගියත් ටේහ්‍යුන්ට ඉන්න උනා.

ටේහ්‍යුන් එයාගේ වැඩත් ඉවර කරලා නහයෙන් අඩ අඩ ගියේ ceo ගේ කැබින් එකට. මොකද ටේහ්‍යුන් දන්නවා මේ වෙලාවෙ ගුක් ඔෆිස් එකේ ඉන්නවා කියලා.

සර් මොනාද කරන්න තියෙන්- ඔ- ඔහ්.. ස්- සොරි සර්..ම- මං එලියෙන් ඉ- ඉන්නම්..

ටේහ්‍යුන් එහෙම අහගෙනම කැබින් එකට ආවත් එයා කියපු එක මග නතර වෙලා ටේහ්‍යුන් ගැස්සිලා ගියේ ceo ගේ පුටුවේ ඉදන් ගුක්ල් කරන වැඩේ දැක්කම.

ගුක්ට තිබ්බේ තද කලුපාට බෙල්ල ලගට වවපු කොන්ඩයක්. ගුක්ගේ දකුණු අතේ උරහිස ඉදන් අතට වෙනකන්ම ටැටූස් ගහලා තිබ්බා. ගුක් හැමදාම ඔෆිස් ආවෙත් කොන්ඩෙ පිටිපස්සට කරලා බූලක් දාගෙන.

ඒත් දැන් ගුක් හිටියේ වෙනදට බදින කොන්ඩෙ කඩලා. කොන්ඩෙ අවුල් වෙලා දාඩියට තෙත් වෙලා තිබ්බා.

වෙනදට පිලිවෙලට අදින සුදු ශර්ට් එක දැන් උඩ ඉදන් බොත්තම් හතරක් වගේ ඇරිලා ඒ අතරින් ගුක්ගේ පිරිපුන් පපුව හොදටම පේනවා.

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now