දෙවන දිහහැරුම

333 55 5
                                    


"අලුත් සර් ආයෙ ආවෙ?"

"නිකන්. ආච්චිඅම්මට කතාකරල යන්න."

"අනේ.. සර් කරපු උදව් වලට මේ නාකි උන්දෑ කොහොම ණය ගෙවන්නද?.. මයෙ පැටියට අවසන් ගෞරවේ කරන්නවත් මට පිච්චියක් නැති උනා මහත්තයෝ.."

"ඒක අමතක කරන්න. මං කළේ මගෙ යුතුකම. "

"එන්න අලුත් සර්, ඈඳි ගන්න. මයෙ කොල්ලයෙ කටේ තිබ්බෙම අලුත් සර් මෙහෙමයි, අලුත් සර් අරෙහෙමයි.. තුන් තිස් පැයේම අලුත් සර්.. අලුත් සර් වැඩිම ලකුණු ගන්න ළමයට තෑග්ගක් දෙනව කිව්වා කියලා මගෙන් සල්ලි ඉල්ලන් පොත් ගොඩකුත් ගත්තා පාඩම් කරන්න. ඉතිං මං බෑ කියන්නෙ කොහොමද.. මයෙ අතේ කීයක්වත් ඉතුරු නෑ දැන්."

මං මැටි බිත්තියට හේත්තු වුනා. මේ හැමතැන ම උඹ දුවන්නැති නේද.. ඉරිතැලිච්ච ගොම පොළොවෙ ඒ සුදු කකුල් තියන්නැති.. කොහොමද ඔච්චර ලස්සනට පිපුනෙ මෙච්චර කාස්ට පොළවක..

"මට සෙනෙහස්ගෙ කාමරේ බලන්න පුලුවන්ද?"

"අනේ එන්ට සර්. ආන් අර තියෙන්නෙ කොල්ලගෙ කාමරේ. ගොහින් බලන්ට."

මං ගොම පොළොවෙ සපත්තුවෙන් අඩිය තියද්දි සරස් සරස් ගාලා සද්දයක් ඇහුනා. මට බයයි හයියෙන් අඩිය තියන්නත්. මං ආච්චිඅම්මා පෙන්නුව කාමරේට එබුනා.

ඒක කාමරක්ද කියන්න මං දන්නෙ නෑ. පොත් මේසෙයි, පුටුවකුයි, පැදුරකුයි විතරයි තිබ්බෙ. පොඩි ට්‍රවල් ට්‍රැක් එකක කලිසම් කමිස දෙක තුනක් තිබ්බා.. මං ඒ පුටුවෙන් වාඩිවෙද්දි පුටුව කිරිකිරි ගෑවා.

පොත් මේසෙ හරිම පිළිවෙලයි. සිංහල පොත් උඩින්ම තිබ්බා. ලබන සතියෙ කරන් එන්න දීපු වැඩ පවා ඉවරකරලා තිබ්බෙ. හැමදේම හීනයක් වගේ.. උඹ මේ දොරෙන් ඇතුලට එයි කියලා මට දැන් පවා හිතෙනවා..

කියාගන්න බැරි තරම් වේදනාවල් හදවත අස්සෙන්ම ඇවිත් මගෙ ලේ නහරවල පවා දුවනවා.. ඒ උඹ මගෙ ගෝලය නිසාද කියන්න මං දන්නෙ නෑ.. ඒත් කඩදාසි මල උඹ, කියාගන්නවත් බැරි හැඟීමකට පණක් දීලා යන්න ගියාම, කතුරෙන් කපලා අයින්කරනවද කියලා හිතාගන්න බැරුව අසරණ උනේ මම..

සිඹින්නද
සිඳින්නද
සිතාගන්නට නොහැකිව
මලක් ළඟ
අතරමං වූ
හිත..














🌼🌼🌼

















"තාත්ති, මොනවද කල්පනා කරන්නෙ?"

"මොකුත් නෑ දුව."

"තාත්ති අවුලකින් වගේ ඉන්නෙ."

"එහෙම නෑ දරුවො."

"මං කඩදාසි මලක් හැදුවා ලස්සනද?"

"ලස්සනයි."

"තාත්ති බලන්නෙවත් නැතුවනෙ ලස්සනයි කිව්වෙ."

"කඩදාසි මල් කොහොමත් ලස්සනයි."

"ඒත් ඒව සුවඳ නෑනෙ."

"දුව ආස නැද්ද ඒව සුවඳ නැති නිසා?"

"එහෙම නෑ. මට සුවඳ වැඩක් නෑ. මං ආසයි මගේ මලට.. ඒක සුවඳ උනත්, නැතත්."

"ම්ම්ම්.."

"තාත්ති ආස නැද්ද කඩදාසි මලට?"

"මං?"

"ඔව්."

"මාත් ආසයි."

"එහෙනම් තාත්ති තියාගන්න මේක."

"මට එපා ඒක දුවගෙනෙ. දුව ඒකට ආසයිනෙ නේද?"

"ඔව් මං ආසයි ඒත් ළඟ තියෙන්නෙම ඕනි නෑ. ඒක ළඟ තිබ්බත්, නැතත් මං කොහොමත් ආසයි."

"ඒත් ළඟ නැති දේකට ආසවෙලා වැඩක් තියනවද?"

"එහෙනම් ආදරේ කරන්නම්."

"ම්ම්ම්?"

"ළඟ නැති දේකට ආස වෙලා වැඩක් නැත්තන් ආදරේ කරන්නම්. එතකොට හරිනෙ."

ළඟ නැති දේකට ආදරේ කළාට කමක් නැද්ද.. ඔව් එතකොට අපි නැතිවුනත් දවසක ඒ ආදරේ ඉතුරු වෙයි..

වඩා හොඳ
ආදරය මියැදී
ඔබ ඉතිරිවීමද
ඔබ මියැදී
ආදරය ඉතිවීමද
නොදනිමි..















කඩදාසි මල් [completed] (bxb/ Sinhala bl)Where stories live. Discover now