සිව්ව්න දිගහැරුම

292 58 4
                                    


ඒ දින පොතේ හැම පිටුවකම තිබ්බෙ මං හිමදූව පාසලේ උගන්නන්න ආපු දවසෙ ඉඳන් වෙච්ච දේවල්. මතකය හරි පුදුමයි. මං දැනන් හිටියෙ නෑ මට තවත් එක ළමයෙක් විතරක් උනු එයාට මං මුළු ලෝකයක් උනු වග. මං නොදැක උබ මා දිහා කොච්චර බලන් ඉඳලද.. මටවත් මතක නැති මං කිව්ව, කරපු දේවල් උබට මතක තිබිලා. කඩදාසි මල, ඉතිං මේ තරමට මාව වටිනවද..

මං ගැටලුවකින් ඉද්දි නළල මැදින් ඇඟිලි තියාගන්නවලු. කේන්තියෙන් ඉද්දි මගෙ ඇහි බැමි පූට්ටු වෙනවලු. සතුටින් ඉද්දි මං මගෙ අත් එකට බැඳගන්නවලු. මං එහෙමද කියලා මංවත් දන්නෙ නෑ කඩදාසි මල. ඉතිං එක ගුරුවරයෙක් ගැන ඔච්චර ම හිතුවෙ ගුරු ගෞරවේ නිසා විතරමද..

ඒ පොතේ මුලම තිබ්බෙ,
                                  ".... මං අතුගෑවෙ තනියම. කවුරුත් මට උදව්කරේ නෑ. අතුගාලා කුණු එකතු කරද්දි මගේ ඉස්සරහ නැවතුනේ ලස්සනට පොලිෂ් කරපු සපත්තු දෙකක්. ඒ හරහා බලාගෙන උඩට යද්දි තද කළු හීනි නපුරු පාට, ආගන්තුක ඇස් දෙකක් ළඟ මං නැවතුනා..."

මට එහෙම දෙයක් මතකවත් නෑ. ඒත් උබට දිනපොතේ ලියන්න තරම් ඒක විශේෂ උනාද..

"කවිහාර සර්, යන්නැද්ද?"

අද හවස වෙනදටත් වඩා අඳුරුයි. ඒ ඇයි මං දන්නෙ නෑ. මං යන්න බඩු අස්කරගද්දි ඒ පුංචි පොත පරිස්සමෙන් බෑග් එකෙන් තැන්පත් කළා.

උබේ හිතේ
මම හිටියෙ කොතනද
ඉතිං මං දැන්
මම තියන්නෙ කොතනද
නැතිඋනේ මට උබ උනත්
ඒ ගැන කියලා අඬන්නෙ
කොහොමද
මට මගෙ කියන්නවත්
කවදාවත් අයිතියක්
නොතිබිම..















🌼🌼🌼














කෝපි කෝප්පයක් හදාගෙන මේසෙන් ඉඳගත්තෙ, රාත්‍රී ලාම්පුවෙ කහපාට එළිය මේසෙ පුරා වැටිලා තියෙද්දි. ළමයින්ගෙ ගිය වාරෙ සිංහල පේපර් බලලා, ලකුණු මාර්ක් ෂීට් එකට දාන්න හදද්දි මගෙ ඇස් එක තැනක නැවතුනා.

පළමු වාරය - 45
දෙවන වාරය - 70

එක පාසල් වාරයක් ඇතුළත ලකුණු විසි පහක් වැඩිකරගත්ත දක්ෂයගෙ නම දකිද්දි හැමදාම වගේ පපුව හාරගෙන එන වේදනාවක් මොලේ දක්වාම විහිදිලා ගියා. අනේ උබ හිටිය නම්..

ලකුණු කොළේ බොඳවෙලා පේද්දි තේරුමක් නැති, අර්ථකථනයක් නැති කඳුලු මං පිහිදා දැම්මා. කිසිම දෙයක් ආපස්සට හරවන්න බෑ. එහෙම පුළුවන් උනා නම් මං උබව කොහේහරි ගෙනිහින් පරිස්සමට බලාගන්නවා කවුරු මොනවා කිව්වත්. මගෙ ඇස් ඉස්සරහම උබ කොච්චර අඬලා ඇත්ද.. ඒත් කිසිම සැපක් නොලබම උබ පරවෙලා යන්න කොච්චර පව් කරලා ඇත්ද..

".... පොලිටිකල් මිස් මට කාලකණ්ණියා කිව්වා මං නෝට් එක ලියාගෙන නොගියපු හින්දා. මගෙ පොත ඉවරයි කිව්වහම පොතක් ගනින් කිව්වා. මට සල්ලි නෑ කියලා කොහොම කියන්නද. ඒත් මං අඬඅඬා ඉද්දි අලුත් සර් ආවා. එයා අර ගැඹුරු කටහඬින් කතාකරද්දි මං ගැස්සිලා ගියා, මට අඬන එකත් අමතක උනා. එයා මට පොතක් දීලා යන්න ගියා. එයා කොහොමද ඒ ගැන දන්නෙ. කොහොමහරි ඒ එයා මට දීපු පොත.. ලස්සන ම ලස්සන අලුත් පොතක්. මිස් කොච්චර බැන්නත් කමක් නෑ. මං මේ සුවඳ පොතේ නම් කොහොමත් මොකුත් ලියන්නෙ නෑ."

මට හිනාගියා ඒ පුංචි හිතේ බොලඳ කමට. අමල් සර්ගෙන් විස්තර දැනගෙන මං පොතක් ගිහින් දුන්නා. එච්චරයි. ඒත් ඒක එච්චරම රැක්කද උබ. මගෙ කටහඬ ට බයවුනාද.. කවදාවත් උබත් එක්ක හිනා නොවුනු එකට සමාවෙයං. මෙච්චර ඉක්මනට උබ යන බව දැනන් හිටියෙ නෑ මං..

ඉතිං ප්‍රේමය නුඹ
නොලැබුන එකමයි හොඳ
නුඹෙ වගේ ලස්සන
හිතකට
මං කොහෙත්ම මදි හොඳ..













කඩදාසි මල් [completed] (bxb/ Sinhala bl)Where stories live. Discover now