"ළමයෙක්, ගෑනියෙක් ඉන්නවා කියලා මතක නැද්ද තමුසෙට? ආ කවිහාර? ළමයා බලන්න මාසෙකට සැරයක් ඇවිත් ගියහම ඇද්ද.. ඔය හද්දා වන්නියෙන් ඉක්මනට එන්න බලනවා. මං ඩැඩීට කියන්නම් කියලා කීසැරයක් කිව්වද.. එහෙනම් මෙලහට ට්‍රාන්සර් එක අරන්.. කොහෙද ලොකුකමනෙ. තමුසෙට මෙහෙට වඩා ඔහෙ අල්ලලද? මං ආයෙ කියන්නෙ නෑ. මේ අවුරුද්ද ඇතුලට ආපහු එනවා!!"
ටෙහානි ෆෝන් එක කට් කරලා දාද්දි මං ඔහේ බලන් හිටියා. මට දුවව මතක් වුනා. ඒත් ඉන් එහා වෙන කිසිම හැඟීමක් නෑ. මට ඇතුලතින් ලොකු හිස්තැනක් දැනෙනවා. හරියට.. මේ අවුරුදු තිස් ගානටම මං මොනවද ළඟාකරගත්තෙ වගේ හැඟීමක්. ඒ හිස් හැඟීම බොහොම භයානකයි. ඒක මගෙ මුළු ආත්මෙම වෙලාගෙන.. ටිකින් ටික හුස්ම හිර කරවනව.. මාව ඒ හැඟීම ට පොළඹවනවා..
මං ආයෙත් දිනපොත ට එබුනා.
"... ඒ කොල්ලො මගෙ ටීෂර්ට් එකෙන් ඇද්දහම ඒක ඉරිලා ගියා. මට හිතාගන්න බැරි වුනා මොකද්ද උනේ කියලා. උන් ඔක්කොම හිනාවෙද්දි මට මහ අසරණ කමක් දැනුනා. ආපහු පන්තියට යන්න විදිහක් නැතුව වෙරලු ගහ පිටිපස්සෙ මුවා වෙලා ඉද්දි අඩි සද්දයක් ඇහුනා. ඇවිත් හිටියෙ අලුත් සර්. එයා කෝල් එකක් ගත්තා. හයියෙන් හයියෙන් කාටද බැන්නා. ඊටපස්සෙ එයා හෙමින් හෙමින් මගෙ පැත්තට එද්දි මට බය හිතුනා එයාගෙ කෝල් එක හොරෙන් අහන් හිටියා කියලා හිතයි කියලා.. ඒත් එයා කළේ මගෙ ෂර්ට් එක ගැන අහපු එක. ඊටපස්සෙ මාව ගුරු විවේකාගාරෙට එක්කන් ගිහින්, ඉස්කෝලෙ ඇරෙනකන් මට ඉන්න දුන්නා. ළමයි ඔක්කොම ගියහමයි මං එළියට ආවෙ. අලුත් සර් හරි හොඳයි. එයා පේන තරම් නපුරු නෑ. එයා ඔරවද්දි හරි හුරතල්..."
මට හයියෙන් හිනාගියා. කවුරුහරි මං හුරතල් කියලා කිව්වමද කොහෙද.. මේවා ලියද්දි කඩදාසි මල කොහොම කොච්චර සතුටින් ඉන්නැද්ද.. හිනාවෙවී ලියන්න ඇති. මට ඒක මැවිලා පේනවා.. දිග හීනි ඇඟිලි පොත පරිස්සමට පෙරලන්නැති.. මං පොත නහයට ළංකරා.. මට පුස් ගඳක් එක්ක මිශ්‍ර වුනු ඕඩිකොලොන්ග් සුවඳක් ආවා.. ඒ සුවඳ මට උබව මතක් කරනවා. සති ගාණක් තිස්සෙ මතකයක ඇලිලා මං මොනවද මේ කරන්නෙ කියලා මගෙ හිත මගෙන්ම අහනවා. ඒත්.. මං නිරුත්තරයි...
YOU ARE READING
කඩදාසි මල් [completed] (bxb/ Sinhala bl)
Non-Fictionහමුවීම ම හිමිවීම නොවූ ලෝකයක අහිමිවීම ට හෝ ඔබ හමු වූ ජීවිතය ට ආදරය කරමි..