අවසන් දිගහැරුම

373 53 26
                                    

ළමයි පෝලිමට ඇවිත් මට වඳිද්දි, ඒ හිමදූවෙ අන්තිම දවස කියලා පිළිගන්න මගේ හිත කැමති උනේ නෑ. මූණු ගණනාවක් අස්සෙන් මං සෙනෙහස් මවාගන්න උත්සාහ කරා. අද හිටිය නම් ඒ ඇස්වල කඳුලු පිරෙන හැටි මට මැවෙන්න ගත්තා.. ඒත් උබ මෙතන නැති එකත් හොඳයි. මට යන්න හිත හදාගන්න පුලුවන්.

ගුරුතුමනි මගේ සොඳුරූ
සිප්සතර නිබඳ වැපිරූ
අස්වැන්න අපට පැවරූ
ගුරුතුමනී..
පුදදෙන්නෙ කොහොම ගුරුපඬුරූ..

ළමයි තාලෙට ගායනා කරද්දි, මගේ ඇස් බොඳවුනා. අවුරුද්දක් කියන්නෙ ලොකු කාලයක් නෙවෙයි. ඒත් උපන් ගමටත් නැති තරම් බැඳීමක් මේ ගම ගැන ඇති වුනේ කොහොමද කියන්න මං දන්නෙ නෑ. ඒකට හේතු මං හොයන්නෙත් නෑ. මටත් ඕනි යන්න. මගේ හැඟීම් නිරුවත් කරපු මේ අමුතු ගමෙන් ඈතට යන්න. සමාවෙන්න කඩදාසි මල.. මේ හැඟීම මට අසම්මතයි.

"කවිහාර සර්ව හුඟක් මතක්වෙයි අපට."

"මං අමල් සර්ට කෝල් කරන්නම්."

"ම්ම්.. පරිස්සමට යන්න එහෙනම්."

"හොඳයි."

මගේ කකුල් බෝඩිම් කාමරෙට නැතුව සොහොනට ඇදුනෙ ඇයි කියන්න මං දන්නෙ නෑ. ඒත් පුරුදු පාරක, පුරුදු පස් ගොඩැල්ලක් ළඟ මං නැවතුනා. හුළඟ හරි හීතලයි. උබට නම් පුරුදු ඇති දැන් දවස් ගානක්නෙ.

"මං යන්න කියලා. ආයෙ මෙහෙ එයිද කියන්න දන්නෙ නෑ. පරිස්සමෙන් ඉන්න. මට සමාවෙන්න. මට වෛර කරන්න එපා."

මං කඩදහියක් පොළොව මතින් තිබ්බා.

මලක් වී පිපෙන්න
ඉතින්
මට නෙළන්න හැකි තැනක
මතු භවයෙ..

හුළඟට ගස් වේගෙන් හෙල්ලෙද්දි, ඒක මං උත්තරයක් විදිහට බාරගත්තා. පපුව හරි බරයි. කකුල් පොළොවට ඇලිලා වගෙයි. ඒත් අන්තිම වතාවට ඒ පුංචි කටුමැටි ගෙටත් වැදුනු මම සල්ලි කොළ දෙක තුනක් රැලි වැටිච්ච අතකින් තිබ්බා.

"අනේ ඉස්කෝලෙ මහත්තයො, මේවා මොකටද.."

"සෙනෙහස්ගෙ තුන්මාසෙ දානෙ හොඳට කරන්න."

"එහෙමයි එහෙමයි. මහත්තයට පිං."

සෙනෙහස්ගෙ කාමරේට යන්න හිත කෑගැහුවත් මං ආපහු හැරුනා. මට හදවත ට ඉඩදෙන්න බෑ. මං වෙනුවෙන් තව ජීවත ගණනාවක් බලන් ඉන්නවා. මට නවතින්න බෑ. මේ හැඟීම් මාව ගිලගන්නකන් හිමදූවෙ නවතින්නත් බෑ. ඒ මතකවලින් ඈතට යන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් මට නෑ.

සපත්තුවට වතුර වලවල් උඩින් තියෙද්දි චිරි චිරි ගානවා. හිමදූවෙ අව්ව, වැස්ස ආයෙ දකින්න් නොලැබෙන බව මතක්වෙද්දි හිත පෑරෙනවා. හදවතේ කොටසක් තාමත් ඒ රූස්ස ගස් අස්සෙ, මීදුම් පටලෙ අස්සෙ නැවතිලා වගෙයි. අනිත් කොටස පස් ගොඩැල්ලක් අස්සෙ හැංගුනු දිනපොතක පිටු අතරෙ නැවතිලා වගෙයි. හදවතක් නැති හිස් මනුස්සයෙක් හිමදූවෙන් පිටවෙද්දි මට සැහැල්ලුවක් දැනුනා. මං පව්කාරයෙක්. අසම්මතේක නැවතුනු, ජීවත එක්ක සෙල්ලම් කරපු.. ඒත් දැනුනු තැන නැවතීම වරදක් ද. හැමෝගෙම සතුට ගැන හිතපු මම මගේ සතුට ට මිනිත්තුවක්වත් ඉඩ නොදෙද්දි මගේ පව්කාරකමට මම ම සමච්චලේට හිනාවුනා. මං ඇත්තටම ඇලුනේ මේ ගමටද, මේ ගමත් එක්ක බැඳුනු මතකවලටද එහෙමත් නැත්තන් කඩදාසි මලකටද මං දන්නෙ නෑ. මට දැනගන්න ඕනෙත් නෑ.

ලංගම බස් එක හෙමින් ඈතට ඇදෙද්දි දුරින් පේන හිමදූව දිහා මං බලන් හිටියා. හිතේ හිරකරන් උන්නු හැඟීම් එකපොදියට පුපුරලා යද්දි සීට් එකට හිසතියන් මං කඳුලු වලට ඉඩදුන්නා.











හැමදාමත් සිදුවන ආකාරය ට වෙන්ව යාමෙ පැය එනතුරු ආදරය තමාගෙ ගැඹුර නොදකියි..






නිමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිමි.

කඩදාසි මල් [completed] (bxb/ Sinhala bl)Where stories live. Discover now