Chapter fifteen

297 54 9
                                    

ලන්ච් එකෙන් පස්සේ රූම් එකට ගියපු ජන්කුක් කොට ශෝර්ට් එකට ක්‍රොප් ටොප් එකක් ඇදගෙන එහෙම්මම බැල්කනි එකට ගියා. හිටන් ඉන්න අපහසු නිසා බැල්කනි ඩෝර් එකට පිට දීලා ඉදගෙන ජන්කුක් ඈත පේන අහස දිහා බලන් ලොකු කල්පනාවකට වැටුනා.
ජන්කුක්ට තාමත් බැරි වුනා ජින්ගේ වචන වලින් එයා මවාගත්ත අඳුරු ලෝකෙන් එලියට එන්න. ඒ නිසා ජන්කුක් දිගටම කල්පනා කරා.

ඒත් ඒ කල්පනාව විනාඩි කීපයකට සීමා වුනේ රූම් එක ඇතුලට ආපු ජිමින් නිසා. ජන්කුක්ට එහා පැත්තෙන් ඉදගත්ත ජිමින් ජන්කුක් බලාගෙන ඉන්න විදිහටම ඈත අහස දිහා බලාගෙන හිටියා.

.

.

"මොනාද ඔච්චර කල්පනා කරන්නේ ජන්කූ.?"

"මුකුත් නෑ. "

"මුකුත් නැති වෙන්න බෑ. මං රූම් එකට ඇවිත් විනාඩි පහකටත් වැඩී. ඒ එනකොටත් ඔයා ලොකු කල්පනාවක"

ජිමින් කියද්දි ජන්කුක් පොඩි හිනාවක් දුන්නා.

"විශේශ දෙයක් නැහැ. මෙතන නිදහස්. ඒකයි මං මෙතනට ආවේ."

"ම්ම්.. කැමති නම් යමුද මගෙ රූම් එකට."

"ම්හු...බෑ.. ඔයාගේ හියුන් ගැන මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ජිමිනි හියුන්.

" කමෝන් ජන්කූ... ට්‍රස්ට් මී.. හියුන් ආවොත් මං.. මං ජුන් හියුන්ට කියනවා. කොහොමත් අපේ හියුන් ජුන් හියුන්ට ඔළුව නමන් නෙ ඉන්නේ. ඔයාම අද දැක්කානෙ. ඒ නිසා යමු. ප්ලීස් ප්ලී...ස්.."

ජන්කුක්ගෙ අතින් අදින ගමන් පොඩි ළමෙක් වගේ කරදර කරන ජිමින්ගේ ඉල්ලීම තවදුරටත් අහක දාන්න ජන්කුක්ට බැරි වුනා. එක පාරක් හා කියන්න ඔළුව වනපු ජන්කුක් ජිමින්ගේ උදව්වෙන්ම ඉදගෙන හිටිය තැනින් හිමින් නැගිට්ටා.

______________

ජිමින් එක්කම ඒ රූම් එකට ගියපු ජන්කුක් රූම් එකට ඇතුල් වුන වෙලාවේ ඉදන් ජිමින්ගේ ඩබල් සයිස් බෙඩ් එක උඩ ඉදගෙන රූම් එක වටේට කීප පාරක් ඇස් අරන් ගියා. පලවෙනි පාරට ජිමින්ගේ රූම් එකට ආපු ජන්කුක්ට දැනුනේ හිතට ලොකු සැහැල්ලුවක්. මේ මැන්ශන් එක ඇතුලේ මේ වගේ රූම් එකක් තියෙයි කියලා හිතාගන්න බැරි වෙද්දි ජන්කුක් ගොඩක් පුදුම වුනා. රූම් එකේ හැමදෙයක්ම වයිට් මික්ස් වුනු ස්කයි බ්ලූ කලර් එකක් ගද්දි ෆුල් ඩාක් රූම් එකක හිටපු ජන්කුක්ගෙ ඇස් වලට පවා දැනුනේ ලොකු සහනයක්.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now