Chapter twenty four

244 48 14
                                    

ටේහ්‍යුන් එනකන් ජන්කුක් හිටියේ බැල්කනි එකට වෙලා. බැල්කනි එකෙන් එලිය බලාගෙන ඉන්න අතරේ ටේහ්‍යුන් රූම් එක ඇතුලට ආපු සද්දෙට ජන්කුක් බැල්කනි ඩෝර් එකෙන් එබිලා බැලුවා.

කොහොමත් ටේහ්‍යුන්ට තියෙන්නේ හිස් බැල්මක් නිසා අදත් ටේහ්‍යුන්ගෙ තිබුන හිස් බැල්ම ගැන කිසි ප්‍රශ්නයක් ජන්කුක්ට ඇති වුනේ නැහැ.

"හියුන්.. මොනාද කියන්න තියනවා කිව්වේ? "

කියන්න දෙයක් තියනවා කියලාත් තාමත් වචනයක්වත් කතා නොකර බැල්කනි එකෙන් එලිය බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගෙන් ජන්කුක් අහද්දි ටේහ්‍යුන් ජන්කුක් දිහාවට හැරුනා.

ජන්කුක් ඇස් බෝල කරන් ටේහ්‍යුන් කියන දේ අහන්න ලෑස්ති වෙලා හිටියා.
"මොකද්ද ඔච්චරටම තියන හදිස්සිය! තාම හොස්පිට්ල් එකෙන් ආවා විතරයි! "
ටේහ්‍යුන් ටිකක් තදින් කියද්දි ජන්කුක්ගේ බෝල ඇස් දෙක බිමට හැරවුනා.

"ඉතින් ඔයානේ කිව්වේ කියන්න දෙයක් තියනවා රූම් එකට යන්න කියලා. ඉතින් මං ආවා. දැන් ඔයා කියන්න තියන දේ කිව්වේ නැත්තන් මට ඒක හිතට හරි වදයක්"

ජන්කුක් බිම බලාගෙනම කිව්වා. ඒ කිව්වට පස්සේ ටේහ්‍යුන් ආයෙත් ටික වෙලාවක් කල්පනා කරා. ටේහ්‍යුන්ගෙන් කිසිම උත්තරයක් නැති වෙද්දි ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා. ඒ වෙද්දි ටේහ්‍යුන් හිටියේ එයාගේ නලල අත් වලින් පොඩි කරන ගමන්.

"හියු--"

"ඕකේ ෆයින්!! ජස්ට් ලිස්ට්න්.. " ටේහ්‍යුන් කෙලින්ම ජන්කුක් දිහා බැලුවා.









































































බැල්කනි ඩෝර් එකටයි ටේහ්‍යුන්ටයි හිරවෙලා ඉන්න ජන්කුක් ඇස් වල කඳුළු පුරවන් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා. ටේහ්‍යුන්ගෙ එක අතක් ජන්කුක් ඉන ගොඩක් තදින් අල්ලගෙන ඉද්දි අනිත් අත ජන්කුක්ගෙ බෙල්ල ලඟින් බැල්කනි ඩෝර් එකට තද වෙලා තිබුනා.

"නැහැ! එපා ප්ලීස්.. මං කැමතියි මේ හැමදේම අමතක කරන්න. මට පුළුවන් නම් ඇයි ඔයාට බැරි හියුන්! "

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now