Chapter twenty two

235 51 24
                                    

ආපහු නින්දෙන් ඇහැරෙද්දි ජන්කුක් හිටපු විදිහටම හිටියේ සෝෆා එකේ නිදාගෙන.
ඒත්....
එයාගේ ඇඟේ තිබුනේ එයාගේ නොවන ඕවර් සයිස් ශර්ට් එකක්!
ජන්කුක් හැදුවේ ඉක්මනට නැඟිටින්න. ඒත් ජන්කුක්ට අඩුම කෙලින් වෙන්නවත් ජන්කුක්ට බැරි වුනා. නැගිටගන්න බැරි වෙද්දි ජන්කුක් සෝෆා එකේ අනිත් පැත්තට පෙරලිලා ටේහ්‍යුන්ගෙ සීට් එක දිහා බැලුවාත් ටේහ්‍යුන් රූම් එකේ කොහෙවත් පේන්න හිටියේ නැහැ.
ඒත් විනාඩියක් යන්නත් කලින් ටේහ්‍යුන් ආපහු රූම් එකට ආවේ අයිස් බෑග් එකක් අරගෙන.

"නැගිට්ටද.. ම්ම් ඕක තියාගත්තහම පේන් එක අඩු වෙයි. "

ජන්කුක්ගෙ පැත්තට විසි කරපු අයිස් බෑග් එක අල්ලගෙන ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියේ පුදුමෙන්. මොකද ටේහ්‍යුන් කවදාවත් ආෆ්ටර් කෙයා කරන කෙනෙක් නෙමෙයි. ජන්කුක්ට මතකයි මීට කලිනුත් සෙක්ස් වලින් පස්සේ එයාව සතේකටවත් ගණන් ගන්නේ නැතුව ටේහ්‍යුන් යන විදිහ. ඒත් ඇයි අද විතරක්?

"ඇයි ම්..මේක-- "

"ජිමින් දුන්නේ. සමහරවිට එයාට ඇහෙන්න ඇති. ප්‍රශ්න අහන්නේ නැතුව ඕක තියාගන්නවා! "

ටේහ්‍යුන් කිව්වේ නර්වස් විදිහට. ඒත් ටේහ්‍යුන්ට කොහොමද අමතක වුනේ එයාගේ ඔෆිස් රූම් එක සවුන්ඩ් පෲෆ් කියන එක.

ටේහ්‍යුන් ආපහු එයාගේ සීට් එකට ගිහින් ලැප් එකේ වැඩ කරන්න ගත්තා. ඒ දිහා බලන් හිටපු ජන්කුක් අතේ තියන අයිස් බෑග් එක බිම අත ඇරියේ ටේහ්‍යුන්ගෙ අවධානය ආයෙත් ජන්කුක්ට ලැබෙද්දි.

"මට මේක එපා. මේ පේන් එක මට පුරුදුයි. "

"වට්!? ආ යූ සීරියස්!? මං ඔතනට එන්න කලින් ඕක තියාගන්නවා! "

සීතල බැල්මක් දෙන ගමන් ටේහ්‍යුන් කියද්දි ජන්කුක් ගැස්සුනා. ඒත් ටේහ්‍යුන් කියපු දේ කරනවාට වඩා ජන්කුක්ට මතු වෙලා තිබුනේ ලොකු ප්‍රශ්නයක්. ටේහ්‍යුන් ඇයි එකපාරටම එයා ගැන කෙයා කරන්නේ? කවදාවත් ටේහ්‍යුන්ගෙ මෙහෙම සයිඩ් එකක් ජන්කුක් දැකලා නැති වෙද්දි ජන්කුක්ට ඕන වුනා ටේහ්‍යුන්ගෙන් ඒ ගැන අහන්න.
ඒත් ටේහ්‍යුන් මොන වගේ රිඇක්ශන් එකක් දෙයිද?
ජන්කුක්ට තවත් ප්‍රශ්නයක් මතු වුනාත් ජන්කුක් අන්තිමට ටේහ්‍යුන්ට කතා කරා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now