Chapter twenty three

257 48 15
                                    

ජිමින් එයාගේ අතේ තිබුන බෑග් එක බිම දාලා දුවගෙන ගියේ පාරෙන් එහා පැත්තට.

ජිමින් කෑගහගෙන දුවගෙන ගියේ ඇයි බලන්න පාරෙන් එහා පැත්ත බලපු ටේහ්‍යුන්ගෙ ඇස් එකපාර ලොකු වුනා. කෙලින් හිටගෙන ඉන්න බැරුව ජන්කුක් බිම ඇදන් වැටෙද්දි පාරේ හිටපු මිනිස්සුත් ජන්කුක් වටේට එකතු වුනා. ඒත් ටේහ්‍යුන් ඇරෙන්න වෙන කවුරුත් දැක්කේ නැහැ ජන්කුක් ළඟ ඉදන් දුවගෙන ගිහින් නම්බර් ප්ලේට් එකක් ගහලා නැති බයික් එකට නැගපු මනුස්සයව. ඒත් ඒ වෙද්දිත් ඒ මනුස්සයා පේන්නවත් නැති දුරකට ගිහින් ඉවරයි.
ඒ ගැන බලන්නේ නැතුවම ටේහ්‍යුන් ජන්කුක් ළඟට දුවගෙන ගියා.
ඉබේම ටේහ්‍යුන්ගෙ කකුල් ඒ පැත්තට ඇදුනේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.

"ජ්..ජන්කුක්!? "

ටේහ්‍යුන් යද්දිත් ජිමින් සිහි නැතුව ඉන්න ජන්කුක්ව බදාගෙන හිටියා. ජන්කුක්ගෙ සිහිය සම්පූර්ණයෙන්ම නැති වෙලා නැති වුනත් සැරින් සැරේ ජන්කුක්ගෙ ඇස් පියවෙන්න ගත්තා.

"හියුන්! හියුන් ජන්කුක්ට මොකද මේ වෙලා තියෙන්නේ හියුන් මොනහරි කරන්න!! "

ජන්කුක්ව බදාගෙන ජිමින් කෑගහද්දි ටේහ්‍යුන්ට වුනත් කරන්න දෙයක් හිතාගන්න බැරි වුනා. ඒත් ටේහ්‍යුන්ගෙ ඇස් වලට අහු වුනා ජන්කුක්ගෙ නහයට පහලින් වගේම ටී ශර්ට් එකේ හැලිලා තියන සුදු පාට පව්ඩර් එකක්. ජන්කුක් දැන් ඉන්න තත්වෙත් එක්ක ඒ පවුඩර් එක මොකද්ද කියන එක ටේහ්‍යුන්ට ආයෙත් අමුතුවෙන් හිතන්න දෙයක් නැති වෙද්දි ටේහ්‍යුන් ජන්කුක් ළඟට නැමිලා ජන්කුක්ගෙ මූන දෙපැත්තට පොඩි පාරවල් ගැහුවේ ජන්කුක්ගෙ ඇස් පිය වෙන්න නොදී තියාගන්න.

"ජන්කුක්! ජන්කුක් ඇස් වහන්න එපා! යුන්ගි-- ය්..යුන්ගියා ඉක්මනට වාහනේ අරන් එනවා අයිසේ!! "

"ජිමින්.. එයාට ඇස් වහන්න දෙන්න එපා.. සිහි නැති වුනොත් එයා කෝමා වෙන්න පුළුවන්! "

"ජන්කුක්! මාව ඇහෙනවද... ප්ලීස් ඇස් වහන්න එපා.. අපි.. අපි ඉක්මනට හොස්පිට්ල් එකට යනවා. මං.. මං ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ ජන්කුක්. මගේ දිහා බලන්න. අන්න එහෙම. ඇස් ඇරගෙන ඉන්න"

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now