Epilogue

326 54 21
                                    

වසර පහකට පසු.

.

.

.

.

.

"වෝහ්.. ඒක ගොඩක් සුවඳයි. එයා අනිවාරෙන් කැමති වෙයි. "

ෆ්ලවර් ශොප් එකෙන් එලියට ආපු ජන්කුක් නැවතිලා අතේ තියන ලොකු රෝස් බොකේ එකේ සුවඳ බලලා හිනා වුනා. ආයෙත් රෝස් බොකේ එකත් තුරුල් කරගෙන ජන්කුක් කෙලින්ම ආවේ ඒ පාරේ අන්තිමට තිබුන තරමක් විශාල ගෙදරකට.

ජන්කුක් එයාගේ සපත්තු දෙකත් එලියෙන් ගලවලා මේස් දෙක පිටින් ගෙදර ඇතුලට ගියා. එලියෙන් පොඩියට පෙනුනත් ගෙදර ඇතුල තරමක් විශාලයි. ලොකු ලිවින්ග් රූම් එකක් , කිචන් එකක් , රූම්ස් තුනක් වගේම ලිවින්ග් රූම් එකට දකුණු පැත්තෙන් ඇතුලට ගියාම හම්බෙන ඕපන් ඒරියා එකත් එක්ක බැලුවහම ඒ ගෙදර පොඩි වෙන්නේ මැන්ශන් එකකට විතරයි.

ජන්කුක් ඇතුලට ගිහින් එයා දාගෙන හිටපු පොඩි සයිඩ් බෑග් එක රැක් එකෙන් එල්ලලා රෝස් බොකේ එකත් අරගෙන එක රූම් එකක් ඇතුලට ගියා. ජන්කුක් ඩෝර් එකත් ලොක් කරලා ජනේලය ළඟ ඉදන් එලිය බලාගෙන ඉන්න කෙනා ළඟට ළං වුනේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැති විදිහට. ජන්කුක්ගෙ මූනෙත් තිබුනේ ලොකු සෙල්ලක්කාර පෙනුමක්.

"ටඩා...... බලන්නකො මං ඔයාට රෝසස් ගෙනාවා. කැමති නේද.. "

එකපාරම රෝස් බොකේ එක ඒ කෙනාගේ මූන ඉස්සරහට දික් කරලා ජන්කුක් අහද්දි ඒ කෙනා හිනා වෙලා ඔළුව වැනුවා.

"මං දන්නවානේ.. හියුන් රෝසස් වලට ආසයි කියලා. "

රෝස් බොකේ එක ටේහ්‍යුන්ගෙ කකුල් උඩින් තියලා ජන්කුක් ටේහ්‍යුන් ඉන්න වීල් චෙයා එක ළඟින් ඉදගත්තා.

"සුවද බලන්න ඕනේද" ජන්කුක් රෝස් බොකේ අතට ගන්න ගමන් අහද්දි ටේහ්‍යුන් ඔළුව වැනුවා.

රෝස් බොකේ එක සම්පූර්ණයෙන්ම ගලවලා එක මලක් අතට ගත්ත ජන්කුක් ටේහ්‍යුන්ගෙ පණ නැති දකුණු අත අල්ලගෙන ඒ අත උඩින් රෝස මල තිබ්බා.
ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙනම ජන්කුක් රෝස මල ටේහ්‍යුන්ගෙ නහයට ළං කරද්දි ඇස් වහගෙන හොඳ හුස්මක් ගත්ත ටේහ්‍යුන් හිනා වුනා. ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ පියවුනු ඇස් වලින් කඳුළු ගැලුවා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now