Chapter eighteen

301 54 28
                                    

"ටේහ්‍යුන්"

"ම්ම්ම්?"

"ඇයි ඒ වැඩේට ජන්කුක්වම ගත්තේ? උඹට තිබුනා වෙන කෙනෙක්ව ගන්න. අඩුම ට්‍රේන් උන කෙනෙක්වත්.. "

"මේ හැම ප්ලෑන් එකක්ම ජුන් හියුන්ගේ. අනික... උඹ හොඳටම දන්නවා පාර්ක් මේ ඕක්ශන් එකට ආවට කිසිම ස්ලට් කෙනෙක්ව ගත්තේ නෑනේ.. බට්.. අද ඌ ජන්කුක්ව ගත්තා. අයිම් ශුවර්... ඔතන වෙන කෙනෙක් හිටියානං ඌ කීයටවත් ඔච්චර ගානකට ඒ කෙනාව ගන්නේ නෑ."

වයින් ග්ලාස් එක කවුන්ටර් එක උඩින් තිබ්බ ටේහ්‍යුන් යුන්ගි තව මුකුත් කියන්න කලින් හෝල් එකෙන් එලියට ගියා.
ටේහ්‍යුන් යන දිහා යුන්ගි බලන් හිටියේ ලොකු කලකිරීමකින්. මොකද ටේහ්‍යුන් කියන්නේ යුන්ගිගේ පොඩි කාලේ ඉදන් ඉන්න එකම යාළුවා. ඒ යාළුකම නිසාම යුන්ගි ටේහ්‍යුන් කරන හැම වැඩකටම උදව් කරත් ටේහ්‍යුන් අද කරපු දේ ගැන යුන්ගිට දැනුනේ ලොකු වරදකාරි බවක්. ටේහ්‍යුන් කවදාහරි ලොකු පසුතැවීමකට මූන දෙයි කියන බය යුන්ගිට ඇති වුනා. තමන්ගේ එකම යාළුවා විදවනවා බලන්න තරම් ශක්තියක් යුන්ගිට තිබුනේ නැහැ. ඒ නිසාමයි යුන්ගි හැමවෙලාවකම ටේහ්‍යුන් කරන හැමදෙයක් ගැනම ප්‍රශ්න කරන ගමන් ඒ දේවල් තේරුම් කරවන්න හදන්නේ. ඒත් යුන්ගි කියන කිසිම දෙයක් ටේහ්‍යුන් අද වෙනකන් කනකටවත් අරගෙන නැහැ.

ඉතින් තවදුරටත් කිසි දෙයක් නොහිතා ඔළුව දෙපැත්තට වනපු යුන්ගි ටේහ්‍යුන්ගෙ පස්සෙන්ම ක්ලබ් එකෙන් එලියට ආවා.

_____

කිසි දෙයක් නොවුන ගානට ටේහ්‍යුන් කෙලින්ම ගියේ කම්පැනි එකට. නයිට් ශිෆ්ට් ඉන්න එම්ප්ලෝයීස්ලා විතරක් කම්පැනි එකේ ඉතුරු වෙලා ඉද්දි ඒ හැමෝම ටේහ්‍යුන්ගෙ හදිස්සි පැමිණීම ගැන ටිකක් පුදුම වුනා.

ටේහ්‍යුන් යද්දි හැමෝම එයාලගේ සීට් වලින් නැගිට්ටත් ටේහ්‍යුන් ඒ කිසි දෙයක් ගැන බලන්නේ නැතුව යුන්ගිත් එක්ක කෙලින්ම ගියේ සී සී ටීවී රූම් එකට.

දෙන්නාම ඇතුලට යද්දි හෝසොක් හිටියේ කම්පියුටර්ස් ගොඩක් මැද්දට වෙලා ලොකු වැඩක් කරන ගමන්. සද්ද නොකරම ටේහ්‍යුන් යුන්ගි දෙන්නම හෝසොක්ට එහා පැත්තෙන් හිටගත්තා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now