සිහින සිත්තම් 2

275 22 11
                                    

"සූබ ආරන්චියක්"
"මොකක්ද?"
" අක්කා ඊයේ ආපු මනමාලයාට කැමති වුනා..."
නිම්නාදී කියුවේ උඩ පැන පැන...
"ඉතින්"
" ඊට පස්සේ මම"
නිම්නදී ගොඩක් සතුටෙන්.. එත් නිම්නදී බලපොරොත්තු වුන තරම් පන්සිලු සතුටු උනේ නෑ..
" ඔෆ් වෙලා කතා කරමු නිම්නදී. මේ වැඩේ හදිස්සියි."
" හ්ම්ම්ම්......" නිම්නාදි තමන්ගේ අසුන වෙත ගියෙ මූන දෙක කරගෙන.
මේ යකාට මොනවා වෙලාද.. නිම්නදී තනියම හිතුවා. එයා සතුටු වෙන්න ඔනීනේ.. ඉක්මනට කසාද බන්දින්න ලැබෙන එකට..

හවස දෙන්නා හම්බවුනත් පන්සිලු හිටියේ වැඩි උනන්දුවකින් නෙමේයි කියලා නිම්නාදිට තෙරුනා.. එ නිසාම නිම්නාදී ඉක්මනට ගෙදර ආවා.. පන්සිලුගේ වෙනස නිම්නදීට ගෙන අවේ වේදනාවක්...
" ඇයි නංගි?"
" ඔලුව රිදෙනව අක්කා".
" ඒපා අක්කා. ඇරිලා යයි.."
නිම්නදී දෙස දුකෙන් බලපු හිමදී කුස්සියට ගියේ අම්මාට උදවු කරන්න.
හිමදි රැකීයාවක් කලත් පුලුවන් හැම වෙලෙම අම්මට ගෙදර වැඩ වලට උදවු කලා. නමුත් නිම්නදී නම් වැරදිලාවත් කිසිම වැඩක් කලේ නෑ...
පසු දා නිම්නාදී රැකියාවට ගියත් පන්සිලු ඇවිත් හිටියේ නෑ..  පන්සිලුගේ දුරකතනයටත් සම්බනද වෙන්න නිම්නදීට බැරි උනා.. පන්සිලුගේ වෙනස නිම්නදිට ලොකු ප්‍රශ්නයක් වුනා.

**********************************
"මිස් මට හිමදීව හම්බවෙන්න පුලුවන්ද?
" ඔකේ. පොඩ්ඩක් ඉන්න."
හිමදී කලබලයෙන් අවේ මෙ වනතුරු කවුරුත් ඇයව හමුවෙන්න ඔෆිස් එකට අවිත් නති නිසා. නමුත් රවීන් ඇවිත් ඉන්නවා දැක්කම සිතට නුපුරුදු හැගිම් ගොන්නක් එකතු වුනා.
" ඔයා මෙහෙ?"
" ඇයි හොද නැද්ද?"
" එහෙම නෙමේ ඉතින්..."
" හ්ම්ම්ම්ම්.... මෙක ඔයාට..."
"මොකද්ද?"
" ගෙදර ගිහින් බලන්නකො"
****************************
රතු පාට පෙට්ටියක තිබුන සුදු ගලක් අල්ලපු මුද්ද හිමදිට හොදට ගැලපුනා. ආදරේ සුන්දර විදියට හිමදිගේ හිත සසල කරද්දි ඇය රවීන්ව හදවතේ සිත්තම් කලා.
රවින් හිමදිට දුන්න මුද්ද දකිද්දි නිම්නදිට දුක හිතුනා.
අවුරුදු 10ක යාලු කමක් ආදරේට පෙරලෙද්දී ආදරේ කරපු මාස 6ටම මොකුත් ලබුනේ නෑ කියලා හිතෙද්දි දුක වැඩි වුනා...
ඇයි පන්සිලු ඔයා මෙහෙම කරන්නේ මට.. තමන්ටම කියා ගත්ත නිම්නාදි පන්සිලුට කෝල් කලා..
" නිම්නාදී"
" ඇයි පන්සිලු මට කතා කලේ වත් නැත්තෙ? ඇයි අද නිවඩු කියලා කියුවෙ වත් නැත්තෙ?"
" නිම්නදී මට ඔයාට කියන්න බැරි වුනා. "
" ඇයි පන්සිලු මට මෙහෙම කරන්නෙ? මට හිතෙන්නෙ ඔයා මාව මග අරිනවා."
" නෑ නිම්නාදි."
**********************************
හිමදී ආදරයේ සුන්දරත්වය විදින තරමටම නිම්නාදී ආදරයේ වේදනාව වින්දා. නිම්නාදීගෙ කදුලු, දුක කාටත් වඩා හදුනන හිමදී උනත්, මෙ වේලවේ නිම්නාදීට අක්කාගෙ පිහිට ලබුනේ නෑ. ඒ තරමටම හිමදී ආදරයේ මිහිර විදිමින් හිටියේ.
දැන් කිහිප දවසක සිට පන්සිලු වැඩ නිම වී ගෙදර එනවා මිස නිම්නදී එනතුරු රැදෙන්නේ නැත. කර්යාලයෙදීත් පුලුවන් තරම් නිම්නාදීව මග හැර සීටිමට පන්සිලු උත්සහ කරයි. දැන් දැන් නිම්නාදී උනත් පන්සිලු පසු පස යෑම අමරුවෙන් හරි නතර කරගෙන සීටී..

සිහින සිත්තම් Where stories live. Discover now