සිහින සිත්තම් 4

196 19 0
                                    

"අක්කා.."
"හ්ම්ම්ම්ම්ම්....."
"මට හෙට උදේම කිරිබත් හදලා ඕනී.."
"මොකද්ද ඒ දොලදුක..?"
"ඕකනේ ඉතිං.. හෙට පන්සිලුවගේ උපන් දිනේ අප්පා.. ඉතිං හදලා දෙනවද..?  අම්මට කියන්න එපා සුදු අක්කා..."
" අම්මෝ මෙයා.. "
" අනේ අක්කා.."
" හරි හරි..."
අක්කා හදපු කිරිබත් ටික දැක්ක ගමන් පන්සිලු කනෙන් ඇදලා අරගෙන නිම්නාදීව තුරුල් කරගත්තා..
"මාර රසයි.. අපේ අම්මටවත් බෑ මෙහෙම.. ඔයාගෙ අම්මා සුපිරි.." පන්සිලු හත්දවසක් බඩගින්නේ හිටියා වගේ..
"අම්මා නෙමෙයි පන්සිලු මේ අක්කාගේ. කිරිබත් අම්මට වඩා රසට හදන්නේ අක්කා..." පන්සිලුගේ කට දිහා බලගෙන නිම්නාදී කියනවා.
"එකනේ පිස්සි මම කියුවේ මාව මස්සිනා කරගන්න කියලා..."
"ඒ ඇයි?"
"හැමදාම කිරිබත් කන්න රසට..."
"මෝඩයා... එකට අක්කව බන්දින්නම ඕනී නෑ.. අක්කාගේ මස්සිනා වුනත් ඇතී."
"ඒකත් නරකම නෑ වගේ..."
ඒකට නම් නිම්නාදිගේ හිතේ මල් පිපුනා.. නිම්නාදී ඔහොම තමයි පන්සිලුට අදරේ කරන්න පටන් ගත්තේ..
පන්සිලුටත් නිම්නාදී නැතුවම බැරි උනා.. පාඨමාලාව ඉවර උනත් ඒක දෙන්නගේ යාලු කමට බාධාවක් වුනේ නෑ.. පන්සිලු රැකියාවක් ලැබුනු පසුත් සති අන්තයේ හෝ නිම්නාදිව හමුවෙන්න වෙලාවක් යොදා ගත්තා..
මේ හේතුව නිසාම නිම්නාදීගේ යාලුවෝ පවා මේ අය යාලුවෝ විතරක්මයි කියලා විස්වාස කලේ නෑ..
" සුමී"
"ඇයි?"
"උදේ ක්ලාස්  එකේ පොත දියන්කෝ.."
"උබ ඇයි උදේ ආවේ නැත්තේ?"
"පන්සිලුට හෙට එන්න වෙන්නේ නෑ. ඉතිං අද උදේ එයාව හම්බෙන්න ගියා..."
"අහ්! ඇයි උබව එක සතියක් දකින්නේ නැතුව ඉන්න බැරිලුද?"
"මොනාද සුමී මේ කියන්නේ. ?"
"කියන්නේ මට පේන දේ? හැබැයි මේ ක්ලාස්  කට් කිරිල්ල හොද නෑ..."
" එයා කියුවේ නෑ බන්.. මමයි කියුවේ අද පාඩම අවුලක් නෑ, හම්බෙමු කියලා..."
"එතකොට නිම්නාදී නොදැක ඉන්න බැරි උබට...?"
"ඇයි බන් මේ...?"
"උබ මගේ යාලුවා නිසා අහන්නේ. කියපන් මට උබ හිතන්නේ පන්සිලු යාලුවෙක් කියලා විතරමද...?"
ඒ ප්‍රශ්නේට නම් නිම්නාදී ගොලු වුනා.. පන්සිලු යාලුවෙක් විතරද කියලා නිම්නාදී කල්පනා කලා.. නෑ පන්සිලු ඊට වඩා ලගයි මට.. තමන් එක්කම නිම්නාදී තර්ක කරන්න පටන් ගත්තා..
"උබ පන්සිලුට හිතින් ආදරේ කරනවා නම් එයත් උබට ආදරේද කියලා හොයාගනින්.. නැත්තම් දුක් විදින්න වෙයි.. උබලා යලුවෝ කියලා හිතන්න තිබුනා අඩුම තරමේ එකම වයස උනා නම් වත්..."
සුමී කියන්න දෙවල් හරි කියලා හිතෙන්න නිම්නාදිට වැඩි වෙලාවක් ගියේ නෑ..
ඒ වගේම පන්සිලු තමන්ට ආදරේ කරන්නෑ කියලා හිතන්න තරම් හේතුවක් නිම්නාදිට තිබුනෙත් නෑ..

"ඔයා කිරිබත් එක අතේ තියගෙන මොන ලොකෙටද ගියේ නංගි?" එතකොට තමයි නිම්නාදී අතීතයෙන් වර්තමානයට අවේ..
"අහ්! නෑ අක්කා මේ..." "අක්කා අද ලස්සනයි ගොඩා...ක්.."
"පිස්සි"
නිම්නාදිගෙ කම්මුලක් මිරිකගෙනම හිමදී පිටත් වුනා...
**********************************
රවීන් එක්ක දවසම ගත් කරපු හිමදී ගෙදර අවේ ගොඩක් සතුටින්.. ඔහුගේ කතාව, හැසිරිම සහ හිමදී වෙනුවෙන් දක්වන අරක්ශා සහිත ආදරයට හිමදිව සතුටින් තියන්න හැකි වුනා..
ගෙදරට වෙලා හිටපු නිම්නාදි තමන්ගෙ දුරකථනය ක්‍රියා විරහිත කරගත්තා.. අද මම ඔයාව ගනන් ගන්නේ නෑමයි පන්සිලු.. නිම්නාදි තමන්ටම කියා ගත්තා..

සිහින සිත්තම් Where stories live. Discover now