සිහින සිත්තම් 3

195 19 4
                                    

*****************************
"පන්සිලු"
"හ්ම්ම්ම්ම්ම්...."
" ඔයා කැමතී මොන වගේ කෙල්ලෙක්ටද?"
"ඇයි අහන්නේ?"
"හොයලා දෙන්න..."
"ඒක නම් හොදයි..."
"කියන්නකො ඉතිං..."
"මට ඔනී සුදු, 5' 4"ක් වත් අඩුම උස UK 10 සයිස් කෙල්ලෙක්..."
"අම්මෝ මෙයා හොයන දෙවල්..."
"ඇයි?"
"නිකන් අප්පා... මම අහුවේ එවා ගැන නෙමෙයි... ගති ගුන ගැන...."
" ඒ කෙල්ලගේ ගති ගුන හරියට උබේ වගෙ වෙන්න ඔනී" පන්සිලු නිම්නාදිව කොන්ඩෙන් ඇදලා තමන් වෙත ලංකර ගත්තා...
ඒත් ඒ කතාවට නිම්නදීගේ හදවතේ විදුලි කෙටුවා...
අතීතය මතක් වුනු නිම්නාදිගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..
" මම මෙ ආදරේ පැටලුනේ නැත්තම් මට ඔයගේ යාලුකම වත් තියෙනවා පන්සිලු..." නිම්නාදි තමන්ටම කියා ගත්තා..
**********************************
නිම්නාදිට පන්සිලු හම්බවෙන්නේ පරිඝනක පන්තියේදි.. එතකොට නිම්නදී සාමන්‍ය පෙල ප්‍රතිපල එනකම් ඉන්නවා. පන්සිලු උසස් පෙල.. මුල් දවසෙම දෙන්නා හොද යාලුවෝ උනා..
"ඔයා අපේ අක්කාගේ වයස..."
"ඇත්තට.. එහෙනම් ඔයා එක්ක ඉන්න එකේ වාසියක් තියෙනවා.."
"ඒ මොකද්ද?"
"මාව මස්සිනා කරගනින්කෝ බන්.."
"අපෝ මෙයා.."
*******************************
රැය පුරාම අතීතේ එක්ක ජීවත් උන නිම්නාදී අහරුනේ පරක්කු වෙලා..
ඔෆිස් එකට කෝල් කරලා නිවඩුවක් ගත්ත නිම්නාදී කුස්සියට යද්දී අම්මා එක්ක හිමදී කිරිබත් හදනවා...
"අක්කා අද නිවඩුද?"
"ඔව් නංගි"
"අක්කා අද යනවා ඔයගේ මස්සිනා හම්බවෙන්න..." අම්මා කියුවේ හිමදිගේ කම්මුලක් මිරිකන ගමන්.. ඒකට නම් හිමදිට ලජ්ජා හිතුනා...
"නංගිත් නිවඩුද?"
"ඔව් අක්කා. මට ගෙදර ඉන්න හිතුනා."
"නංගිත් යමු මාත් එක්ක.. ඔයා එයාව දැකලත් නැනේ.."
"නෑ නෑ ඕනී නෑ... නිම්නාදී ගෙදර ඉන්න."වත්සලා දෙන්නාටම රවාගෙන පැවසුවා..
හිත පොඩ්ඩක් නිදහස් වෙන්න අක්කා එක්ක යන්න හිතපු නිම්නාදිගේ හිත අම්මාගේ කතාවෙන් හොදටම රිදුනා..
නංගිගේ ඔලුව අතගාපු හිමදී ගියේ ලැස්තී වෙන්න...
" ඇයි අම්මා අද කිරිබත්?"
"රවීන් පුතා අසායිලු... ඒකයි හැදුවේ. කාලා බලන්න නිම්නාදී.. හරි රසයි.." වත්සලා දුන්නු කිරිබත් එක අතට ගත්ත නිම්නදිගේ ඇස් වල කදුලු පිරුනා.. පන්සිලුත් ආසයි.. නිම්නාදි තමන්ටම කියා ගත්තා..

සිහින සිත්තම් Where stories live. Discover now