සිහින සිත්තම් 5

176 19 3
                                    

"අක්කා හරි සතුටින් වගේ අද නම්..."
"ඔව් නංගි. මම හිතපු විදියේ කෙනෙක් මට ලැබුනා.."
"නිම්නාදී, අක්කාව දෙනවා ලබන අවුරුද්දේ මුල.. ඊලගට ඔයා ලැස්ති වෙන්න..."
"අනේ අම්මා..."
"මොකද නිම්නාදී.. බන්දින්න කලින් දැන අදුනගන්න ඕනී. ලබන සතියේ ඔයාව බලන්න කෙනෙක් එනවා..." තාත්තාගේ වචනෙ ඉතිං වෙනස් වෙන්නේ නෑ..
"ඒත් තාත්තා ඔයාලා මගෙන් ඇහුවෙත් නෑනෙ..."
"නිම්නදී, මම අක්කාගෙන් ඇහුවෙත් නෑ.. ඔයාටත් එහෙම තමා.."
පාලිත යන්න ගියේ කෙන්තියෙන්. ඒ පස්සෙන්ම වත්සලත් ගියේ සැමියාව අස්වසන්න..
"ඇයි නංගි මේ?"
"බලන්න අක්කා. මට නම් බෑමයි.."
"එහෙම කියන්න එපා නංගි. ඔයා එයාව බලන්නකො. ඊට පස්සේ බෑ කියන්න."
හිමදී නිම්නාදිව සනසන්න ගොඩාක් දෙවල් කියුවා.
"අක්කා මම කෙනෙක්ට ආදරේ කරනවා."
"අහ්! නංගි ඔයා.. ඒ කවුද?"
"පන්සිලු"
"නංගි ඔයා නම්.. දැන් මොකද කරන්නේ. අපි අම්මලට කියමු. "
"මොනවා වෙයිද අක්කා.."
"කියලා බලමු නංගි."
අවසානේ බයෙන් බයෙන් නිම්නාදී ගෙදර අයට පන්සිලු ගැන කියුවා.
"තමුසේ හරි ලොකු ගැනියෙක් වෙලානේ නිම්නාදී. හරි ඒ ලමයට මෙහෙ එන්න කියන්න. ඊට පස්සෙ බලමු."
දැන් නම් නිම්නාදිගේ හිතට සැන්සීමයි.
"අද ලමයට නින්ද යයි.."
"නිකං ඉන්න අක්කා"
තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක කරලා මම මේක පන්සිලුට කියනවා. එතකොට ඔක්කොම හරි..
**********************************
පසු දින නිම්නාදී කාර්‍යලයට ගියා නොව ඉගිලුනා..
"පන්සිලු"
"ඇයි නිම්නාදී?"
"අපේ ගෙදරට මම ඔයා ගැන කියුවා. ඔයාට ගෙදර එන්න කියුවා.."
පන්සිලු ගැස්සුනා.." ඇයි හදිස්සියේම..?"
කලින් දවසේ සිදුවීම් සියල්ලම පන්සිලු හමුවේ නිම්නදී පැවසුවා..
"අපි හවසට කතා කරමු නිම්නාදී."
පන්සිලුගේ වචන වල සතුටක් නෑ කියලා නිම්නදිට හිතුනා. ඒත් ඒ ගැන වැඩිදුර හිතන්න නිම්නාදිට ඕනී වුනේ නෑ..
පන්සිලු දවසම කල්පනා කලා. නිම්නාදිට හැමදෙම පැහැදිලි කරනවා. එයා මට උදව් කරයි. පන්සිලුට හිතුනේ එහෙමයි..
************************************
පන්සිලුගේ දුකීන් පිරුනු මුහුන දැක්කම නිම්නාදිගේ උද්යෝගය දිය වෙලා ගියා...
"පන්සිලු"
"මට කතාවක් කියන්න තියෙනවා නිම්නදී. "
"කියන්න පන්සිලු.."
"නිම්නාදී, මම කෙනෙක්ට ආදරේ කලා.. ගොඩාක්... මට එක කොච්චරක්ද කියලා තෙරුම් ගියේ ඒයාව දැක්කට පස්සේ. ඒයා මම හොයපු කෙනා නිම්නාදී. මට සමාවෙන්න.."
පන්සිලුගේ ඇස් කදුලු වලින් පිරී තිබුනා.. නිම්නාදී තමන්ව පාලනය කරගන්න අසීරු උත්සහයක යෙදුනා...
"ඔයා මොනද කියන්නේ පන්සිලු? පිස්සියෙක් වෙයි මං. ඔයා කාටද ආදරේ කලේ?"
"ඔයාගේ අක්කාට"
"මොකක්?"
පුදුමයෙන් නිම්නදිගේ ඇස් ලොකු වුනා. ඒ සමගම ජයග්‍රහී සිනාවක් මුනේ සටහන් වුනා..
" අක්කාගේ මැරේජ් එක තීරනේ වෙලා ඉවරයි පන්සිලු..."
මෙවර පන්සිලුගෙ මුහුනේ හැගීම් දුකක්ද, අසරනකමක්ද කියලා නිම්නාදිට තෙරුම් ගන්න බැරි වුනා..
" නිම්නදී ඔයා මුලින්ම හම්බවුනු දවසෙ ඔයා මගෙ අක්කාගෙ වයස කියද්දි මගෙ හිතේ අමුතු හැගීමක් ඇති වුනා. ඊට පස්සේ ඔයා අක්කා ගැන කියද්දි මට ඔයාගේ අක්කා මගෙම කියලා හිතුනා.. ඒක උනේ කොහොමද කියලා මමවත් දන්නේ නෑ නිම්නදී.. ඔයාට මතකද ඔයා ඇහුවා මම කැම්ති කොහොම කෙල්ලෙක්ටද කියලා.. එතකොට මම හිතින් මවගෙන හිටිය කෙනා ඔයගේ අක්කා වගේ වෙන්න කියලා මම ප්‍රර්තනා කලා. අක්කා උයපු කෑම මට හිතුනේ මම වෙනුවෙන්ම හදලා කියලා.. මට නොදැකම ඔයගේ අක්කා ගැන ලොකු බැදීමක් ඇතී වුනා. ඊට පස්සේ මම අපේ ගෙදරට කියලා ඔයගේ අක්කාට යෝජනවක් යැව්වා.. හිමදිව දැක්ක ගමන් මට ලොකෙම අමතක වුනා. ඒ මම හොයපු කෙනාමයි.."
නිම්නදී දුක දරාගන්න අසර්තක උත්සහයක යෙදුනා...
"මට සමවෙන්න නිම්නාදී, අක්කාව බලන්න අපු මනමාලයා මමයි. "
"ඔයාට මේ දෙවල් කරද්දි මාව පොඩ්ඩක්වත් මතක් වුනේ නැද්ද පන්සිලු.. ඔයා මගේ ආදරේ නේද? ඔයා කොහොමද මගෙ අක්කාට ආදරේ කලේ?"
නිම්නාදිට දුක දරගන්න බෑ.. මුවෙන් නැගෙන ඉකියක් සමග ඇය මේ ටික කියුවේ බොහොම අපහසුවෙන්..

සිහින සිත්තම් Where stories live. Discover now