සිහින සිත්තම් 8

152 20 0
                                    

මොන දෙයක් වුනත් හිමදිට මේ දෙවල් ගැන හිතා ගන්න බෑ. ඇයට හොදටම රවීන්ගේ ආදරේ දැනුනා. මේක වැරදීමක් නම් ඇයි රවීන් මට මෙච්චර ආදරේ කලේ. ඒක පුදුමයි. ඔහු හැම මොහොතකම හිමදීව බලාපොරොත්තු වුනා. ඉතිං රවීන් කලේ බොරුවක් කියලා හිතන්න හිමදිට අමරුයි. ඒත් දැන් කරන්න කිසිම දෙයක් නැ කියලා හිමදී දන්නවා. හිමදිට වගෙම මෙ ගැන සැක හිතුන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි වත්සලා.... හිමදිට ලැබුන ආදරේ බොරු වෙන්න බෑමයි කියලා වත්සලාට හිතුනේ. නමුත් කරන්න දෙයක් නැති නිසා රවීන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්න වත්සලා ලෑස්තී වුනා....
***********************************
නිවසට පැමිනි පසු සියල්ලම තම මවගෙන් දැන ගත් පන්සිලුට හීන් දාඩිය දැම්මා. අම්මලා පන්සිලුගේ සතුට වෙනුවෙන් නිම්නාදිට කැමතී වුනා කියලා දැන ගත්තාම නිම්නාදී හිතා මතාම තමන්ව අමාරුවේ දැම්ම කියලා පන්සිලුට තේරුනා..
පන්සිලුට හිමදී හීනයක් වගේ වුනා. දෙයියනේ.. මම මොකද කරන්නේ.. පන්සිලු දාහාක් සිතුවිලි අතර අතරමන් වුනා. මතක ඇති කාලෙක සිට තිබුනු එකම බලාපොරොත්තුව හිමදි...
හිමදිට ඇත්තම කියනවා. පන්සිලුගේ අවසාන තීරනය..
පන්සිලු හිමදිව මුනගැහෙන්න කැමති කරගත්තේ ගොඩාක් අමාරුවෙන්.
හිමදිව හමුවෙලා හැම දේම කියුවට පස්සේ පන්සිලුගේ හිත නිදහස් වුනා. එත් හිමදිගෙ හැගීම් විරහිත වත දැක්කම පන්සිලුට දරගන්න බැරි වුනා...
"ඔයා දන්නවද රවී නංගි මට මගේ පන වගේ. ඉස්සර ඉස්කෝලේ ගියේ ආවේ අපි දෙන්නත් එක්කමයි. මගෙ පස්සෙන් කොල්ලෙක් ආවත් නංගි හිතන්නේ එයාට කැමත්තෙන් එනවා කියලා. නංගි ඉතින් ගොඩක් බලාපොරොත්තු තියගෙන හිතින් ආදරේ කරනවා. ඉතිං මම කැමත්තක් තිබුනත් කැමති වෙන්නෙ නැ නංගි නිසා. ඔයා ඇහුවා නේද මෙච්චර ලස්සන කෙල්ලෙක්ට කොල්ලෙක් හිටියෙ නැත්තේ ඇයි කියලා. ඒක තමයි හේතුව. නංගිගෙ හිත රිදවන්න බැරිකම. ඉතිං රවී මම ඔයා මට කොච්චර ආදරේ වුනත් ඔයාව නංගිට දෙනවා..."
අවසාන වචන කීපය සමග සිතිවිලි පාලනය කර ගත නොහැකිව හිමදි බොහෝමයක් කදුලු සැලුවා. පන්සිලු බොහෝ අසරන වුනා.. හදවත සිදි බිදී යද්දී පන්සිලු හදවතින් දාස් වරක් කදුලු සැලුවා.

සිහින සිත්තම් Where stories live. Discover now